සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයවැය පරාජය කරනට බවට තර්ජනය කරන්න ගිය පොහොට්ටුවන්ට හතරගාතෙන් වැටෙන්න රනිල්ගෙන් උත්තරය!

by editor
ඔක්තෝබර් 29, 2022
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට  ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසකට අවශ්‍ය නම් අයවැය පරාජය කරන ලෙසත්    ඇමති මණ්ඩලය පත් කරන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බවත් ජනාධිපතිවරයා දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට මෙම කණ්ඩායම කටයුතු කළ ආකාරය තමන් දුටු බව පවසා ඇති  ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇත්තේ  මේ ආකාරයට කටයුතු කළ නොහැකි බවත් අවශ්‍ය නම් අයවැය පරාජය කර මන්ත්‍රී ධූරත් නැති ගරගන්නා ලෙසත්ය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් වර්ජනය කළ, කැබිනට් ඇමති ධූර අපේක්ෂාවෙන් පසුගිය වකවානුව පුරාම පොරකමින් සිටින අතිශයින්ම ජනතා අප්‍රසාදයට පත් වී ඇති පොහොට්ටුවේ ප්‍රබලයින් කණ්ඩායමක් මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වී තිබේ.

ඔවුන් ජනාධිපතිවරයාට යළිත් දන්වා ඇත්තේ වහාම කැබිනට් මණ්ඩලය පත් කරන ලෙසය. එසේ නොමැතිවුවහොත් මේ පවතින පීඩනය තුළ නොබෝ දිනකින් ඉදිරිපත් වීමට නියමිත අයවැය පරාජය වීමටත් ඉඩ ඇති බව මේ පිරිස ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන්  දන්වා ඇත්තේ විපක්ෂය අයවැය පරාජය කිරීම සඳහා පූර්ණ ලෙස සංවිධානය වී ඇති බව සිහිකරවන බවය. හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලය පත් කර තමන් විසින් නම් කර ඇති රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දී මෙම තත්ත්වය පාලනය කරගන්නා ලෙස ඔවුන් ජනපතිට දන්වා ඇත.

මේ කතාව අසාගෙන සිටි ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇත්තේ මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බවය.

එක් අවස්ථාවක 22වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඉදිරිපත් වූයේත්  මෙම කණ්ඩායම  බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දැන් පැමිණ අයවැය පරාජය කරන බව දැන්වීම ගැන තමන් පුදුම නොවන බවය.

ජනාධිපතිවරයා දන්වා ඇත්තේ මෙම කණ්ඩායමට අවශ්‍ය නම්  අයවැය පරාජය කරවන ලෙසය.   අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට මෙය වෙලාව නොවන බව දන්වා ඇති ජනාධිපතිවරයා ඊට වඩා ප්‍රබල ප්‍රශ්න විසඳීමට ඉතිරිව ඇති බවත්,  ජනතාව අන්ත පීඩාවට පත් වී  සිටින මේ අවස්ථාවේ  කළ යුත්තේ එම ගැටලු නිරාකරණය කිරීම බවත් දන්වා තිබේ.

අවශ්‍ය වෙලාවට ඇමති මණ්ඩලය තමන් විසින් පත් කරන බව ද එය පත් කරන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බව ද  හෙතෙම  පවසා තිබේ.

කැමති ඕනෑම කෙනෙකුට අයවැය පරාජය කිරීමට අවස්ථාව ඇති බව කියා ඇති ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා ලෙස  තමන් තීන්දු ගන්නේ රට ගැන කල්පනා කර බැවින්  ඊලඟ ඡන්දයක් තිබේ නම් එය තමන්ට ප්‍රශ්නයක් නැති බව ද ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා කියා ඇත්තේ  ඊලඟ ඡන්දයක් පැවැත්වුවහොත් මන්ත්‍රී ධූර අහිමි වන්නේ තමන්ට නොවන බවය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය මිලියනය දක්වා වැඩි කරයි!

Next Post

පොලිස් වෙඩි පහරට ලක් වූ 14 හැවිරිදි දරුවාට දෙවැනි සැත්කමත් ඇරඹෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.