සුපිරි බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන් කොවිඩ්-19 ආසාදනය වීමෙන් රෝහල් ගත කර සති තුනකට පසුව සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
බච්චන්ගේ පුත් අභිෂේක්, ලේලි අයිශ්වර්යා රායි සහ මිණිබිරිය ආරධ්‍යා ද වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු අතර ඔවුන් පසුගිය සතියේ රෝහලින් පිටත්ව ගොස් ඇත.
කොරෝනා ආසාදනය වූ ඉන්දියාවේ ඉහළම තරු පවුල බවට පත්ව තිබුණේ බච්චන් පවුල ය.