ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අදාළ පියවර ගෙන ඇති අතර මේ වනවිට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ තෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඔහු වෙයි.
පසුගිය දිනවල ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගැනීමට මේ වනවිට කටයුතු යෙදෙමින් පවතී. කොවිඩ් ආසාදනයට ලක් වූ ජෙයෂ්ඨතම අමාත්‍යවරයා ඔහු වන අතර ඔහු මේ වනවිට 82 වියේ පසුවෙයි.