මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් අද (30) අප්‍රසාදය සහ ඊට විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී ඒ පිළිබඳ යෝජනාවක් ද ඔවුන් සම්මත කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙලෙස දැක්වේ.
“ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ස්වාධීන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛ්‍ය ආමත්‍යාංශය විසින් කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීම පිළිබඳ තීරණය කිරීමට පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට මෑතක දී තර්ජනය කිරීමේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරු දැඩි ලෙස හෙළා දකියි.”