සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමාත්‍යාංශ නිලධාරීන් එරෙහි වෙද්දි සෞඛ්‍ය ලේකම් ජපුර රෝහල් සභාපතිට කාසල් රෝහලේ පත්වීමක් දීලා තියෙන්නේ ඇමතිගේ ඉල්ලීමට ලු…

by editor
දෙසැම්බර් 30, 2024
in පුවත්
jayawardanapura-hospital

ශ්‍රී ජයවර්ධනපුර රෝහල...

Share on FacebookShare on Twitter
  • දීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරයි! පත්වීම දීලා තියෙන්නේ දොස්තරගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක හදාගන්න ලු…

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරයට පත් කළ ප්‍රබල මාලිමා හිතවාදියෙක් වු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න කාසල් වීදිය කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා ගත් තීරණයට සියලුම අමාත්‍යාංශ නිලධාරීන් විරුද්ධ  වී ඇති නමුත් ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ නිර්දේශ මත මෙම පත්වීම සිදු කළ යුතුම බව දන්වා සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඒක පාර්ශවිකව එම පත්වීම් ලිපිය නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ තත්ත්වය තුළ අදාල පත්වීමට විරෝධය පළ කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්සට සිය විරෝධතාවය ලිඛිතව දැනුම් දීමට මේ වනවිට තීරණය කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතද සිය විරෝධතා ලිපි යොමුකිරීමට සංගම් ඒකමතිකව කටයුතු කරන බව ලංකාසර කළ විමසීමක දී එම සංගම් තහවුරු කළේය. එම වෛද්‍ය සංගම්වල ප්‍රකාශකයින් පැවසුවේ මේ වන විටත් එම ලිපි සකස් කරමින් සිටින බවය.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදීමට ස්ථානයක් සකස් කර දෙන මෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලිමකට අනුම මෙම ලිපිය සකස් කර ඇති බව කාසල් රෝහල ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ නියමක් බව පවසා අමාත්‍යංශය නිලධාරින්ට දැඩි බලපෑමක් එල්ල කරමින් සෞඛ්‍ය ලේකම්වරයා මෙම ලිපිය සකස් කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කළේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය මත නිකුත් කර ඇති මෙම වැඩ භාරගැනීමේ ලිපිය අද (30) දිනයේදී කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇති බවද ලංකාසර වෙත දැන ගන්නට ලැබිණි.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම වෛද්‍යවරයා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ සභාපති වරයා ලෙස පත්කර බැවින් ඔහුට එම තනතුරේ සිට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට නොහැකි නිසා ඔහුට කාසල් වීදියේ කාන්තා රෝහලේ පත්වීමක් ලබා දී ඇති බව ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලුත් නාවික හමුදාපති කවුද මේ රියර් අද්මිරාල් කාංචන බානගොඩ…

Next Post

බන්ධනාගාරය තුළ පාතාල සෙල්ලම්වලට තිත තැබිය යුතුයි… ජනපති බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.