සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්මා කෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ගසක නැගී ගිනි  තියාගන්න හදලා.

by editor
නොවැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

  • ඉඩම් ගැටළුව කියන්න ගියාම නිලධාරීන් කුණුහරපෙන් බැන පන්නාගෙන… ගිනි තියාගන්න ගහට නැග්ග   ගසින් බස්සා දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී ප්‍රශ්නයත් විසඳා වියලි ආහාර මල්ලකුත් දීලා…

කලක් තිස්සේ තම ඉඩම සම්බන්ධයෙන් පවතින ආරවුලකට විසදුම් ලබා ගැනීම සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගියද එහි නිළධාරීන් ඊට නිසි විසඳුමක් ලබා නොදී අවස්ථා කිහිපයකදිම තමන්ට බැන වැදී එළවාගත් බව පවසමින් 40 හැවිරිදි දෙදරු මවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කොහොඹ ගහක නැගී අද (23) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය.

මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ අම්බලන්තොට,කොග්ගල්ල පදිංචි 40 හැවිරිදි එච්.එම්.කුසුමාවතී නැමති දෙදරු මවකි.

“මා පදිංචිව සිටින ඉඩම සම්බන්ධයෙන් කලක සිට පවතින ගැටළුවක් නිරාකරණය කර ගැනීමට අවස්ථා කිහිපයකදිම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යයේ ඉඩම් නිළධාරීන් හමුවට ගියත් මට මගේ වැඩේ ඒ අය කරලා දුන්නේ නෑ.අඩුම මගේ දුක් ගැනවිල්ලටවත් ඒ අය කන් දුන්නේ නැතිව මට කුණු හරුපෙන් බැනලා එළවා ගත්තා.මටත් ලක්ෂයක් හමාරක් වියදම් කරනන් තිබුණන නම් මේ වැඩේ කරවා ගන්න තිබුණා. මම එදා වේල කන්න විදියක් නැතුව දරු පැටවු එක්ක අසරණ වෙලා ඉන්නේ. එහෙව් මට මගේ ඉන්න ඉඩමේ තියෙන ගැටලුව විසදා ගන්න මේ නිළධාරීන් ලඟට ගියාම බැනලා එලවා ගන්නවා. බැරිම තැන මං අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලඟට ඇවිත් මේ ගහ උඩට නැගලා විරෝධතාවයේ නිරත වුණේ. මං මැරුණත් කමක් නෑ ඉන්න අයට හරි මේ ඉඩම නිරවුල් කරගන්න ඕන නිසා“ යැයි ඇය පැවසුවාය.

පෙට්‍රල් බෝතලක් ද ඇතැතිව ගස මත සිටින ඇය…

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කාන්තාවක් විරෝධතාවයේ නිරත බවට ලද තොරතුරට අනුව හම්බන්තොට පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ අදාල ගැටලුව සඳහා විසඳුමක් ලබා දිමට දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවෙන් පසු කාන්තාව ගසින් බිමට බැස දිස්ත්‍රික් ලේකම් වරයා හමුවට ඉදිරිපත් කෙරුණි. කාන්තාව ගස උඩට නැග තිබුනේ විසඳුමක් ලබා නොදුනහොත් ගස උඩ සිටම සිරුරට පෙට්‍රල් දමා ගිණි තියා ගන්නා බව පසවමිනි. කාන්තාව අත තිබූ බෑගයේ පෙට්‍රල් බෝතලයක්ද විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගසෙන් බැස දිස්ත්‍රික් ලේකම්වරයා අසලට ගිය කාන්තාව…

මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර ගෙන්  විමසීමක් කළ අතර එහිදි දිස්ත්‍රිත් ලේකම් වරයා මෙලෙස පැවසිය.

“ගසක් උඩ නැග විරෝධතාවයේ නිරත වු කාන්තාව සම්බන්ධයෙන් මට දැනගන්න ලැබුණු වහාම මං මගේ නිළධාරීන් යවලා අදාළ කාන්තාව කාර්යාලයට ගෙන්වාගෙන කරුණු සොයා බැලිමක් කළා..“

“ඒ අනුව මා අද දිනයේම මෙම ගැටලුව සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය විසඳුම ලබා දිමට පියවර ගන්නවා. ඒ වගේම මෙම කාන්තාවගේ දුක් ගැනවිල්ලට අනුව ඇයට සති කිහිපයකට සෑහෙන පරිදි වියළි සළාක පාර්සලයක්  ලබා දීමටත් අප කටයුතු කලා.“ යැයි පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කුෂාන් සර්ට අත නොතිබ්බේ බේබිට ඇති බයටද?…

Next Post

විදුලි සැර වද්දා වන අලියෙක් මරා කැබලිකොට ගෙවත්තේ වැළලූ සැකකරු වනජීවියට භාර වෙයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.