සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙක් හප්පා මැරෙන්නට හැර පලා ගිය  මිනීමරු  රියදුරු බේබද්දා අත් අඩංගුවට ගත් හැටි…

by editor
ජනවාරි 1, 2026
in පුවත්
මිය ගිය පොලිස් නිලධාරියා...

මිය ගිය පොලිස් නිලධාරියා...

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

අශික්ෂිත බීමත් රියදුරෙක් විසින් පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක භටයෙක් සිය මෝටර් රථයට යට කර පළායෑමෙන් පසු එම පොලිස් නිලධාරියා මිය ගොස් සිවිල් ආරක්ෂක භටයා බරපතල තුවාල ලැබූ සිද්ධියක් නව වසර උදාවත් සමග වාර්තා වේ.

මේ  මිනීමරු රියදුරා විසින් අනතුරට ලක් කර පලා ගොස් තිබුණේ     අම්බලන්තොට නගරයේ  බීට්ටු රාජකාරියේ  යෙදි සිටි අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිළධාරියෙකු හා සිවිල් ආරක්ෂක නිලධාරියෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිළධාරියා රෝහල් ගත කිරීමෙන් පසු  අද  (01) උදේ මිය ගියේය.  මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට පොලීසියට අනුයුක්තව මාර්ගයේ බීට්ටු රාජකාරියේ නිරතව සිටි පොලිස්   කොස්තාපල්  (82615 ) එම්. සරත් කුමාර නැමැති 43 හැවිරිදි නිළධාරියායි.  ඔහු සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි. අද

ජීවිතයෙන් සමුගත්  එම පොලිස් නිලධාරියා ස්ථාන මාරුවක් ලබා හෙට දිනයේ දී ඇඹිලිපිටියට යෑමට නියමිතව සිට ඇත.  ඔහුගේ සමුගැනීම වෙනුවෙන් අද අම්බලන්තොට පොලිස් ස්ථානයේ සාදයක්ද සූදානම් කර තිබිණි.  මේ දෛවෝපගත ව්‍යසනයට ඔහු මුහුණ දෙන්නේ ඒ අතර කාලයේ දී ය.

අන්තුරින් රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකා නිළධාරී (27798) දිසානායක නිළධාරියාද තුවාල ලබා රෝහල් ගත කෙරිනි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

නව වසර උදාවත් සමග නිළධාරීන් දෙදෙනා අම්බලන්තොට ගිරිහඩු රාජමහා විහාරය අසල රථවාහන පරික්ෂා කරමින්  සිටියදි තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය කරන  ලද සුදු පැහැති කාර් රථයකට නතර කරණ ලෙස  සංඥා කර තිබේ.

එහිදී එම කාර් රථය මාර්ග රාජකාරියේ නිරත නිළධාරීන් දෙදෙනාද යට කරගෙන නොනවත්වා  පළා ගියේය.

අන්තුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිළධාරියා ප්‍රතිකාර සඳහා  හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත 1990 ගිලන් රථයෙන් ගෙන ගොස් ඇති  අතර සිවිල් ආරක්ෂක බළකා  නිළධාරියා ප්‍රතිකාර සඳහා අම්බලන්තොට ප්‍රාදේශි රෝහලටත් ඇතුළත් කෙරිනි.

මෝටර් රථය සොයා ගැනීම

පොලිස් කොස්තාපල් වරයා රෝහල් ගත කිරිමෙන් පසුව මිය ගියේය.  අනතුර සිදුකළ මෝටර් රථය සොයා ගත නොහැකි විය. එය සොයා විමර්ශන ආරම්භ කෙරිනි.  එහිදී මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේම පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය.

අනතුර සිදුකළ විමර්ශනයේ දී  අම්බලන්තොට රිදියගම මාර්ගයේ ඇලේ කොලණිය ප්‍රදේශයේ නිවසක නවතා තිබිය දී  අනතුර සිදුකළ වාහනය සොයා ගැනුණි.  පොලිසිය  පැවසුවේ අනතුරට පත් මෝටර් රථයේ ආදායම් බලපත්‍රය අනතුර සිදුවූ ස්ථානයේ  වැටී තිබියදී සොයා ගෙන එහි සටහන්ව තිබූ තොරතුරු මත අදාල මෝටර් රථය සොයා ගත් බවය.

ඒ අනුව ඒ නිවසේ සිටි මෝටර් රථයේ හිමිකරුවන මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. එමෙන්ම සැකකරුට  සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් චෝදනාව යටතේ එම පුද්ගලයාගේ මව සහ පියා ද අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් තිදෙනා හෙට අධිකරණය හමුවට  ඉදිරිපත් කිරිමට නියමිතය.

අත් අඩංගුවට පත් වාහනයේ ගමන් කළ අනෙක් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පරීක්ෂණවලින් අනාවරණයවන ආකාරයට අත් අඩංගුවට පත් රියදුරු බීමත්ව සිට තිබේ.  අණ නොතකමින් රිය ධාවනය කිරීමට හේතුව බීමතින් සිටීම බව ද අනාවරණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය – වැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය ගැන මට ඇත්තේ විශාල ගෞරවයක්… කොළඹ නගරාධිපතිනිය කියයි!

Next Post

මාවනැල්ලේ ත්‍රිපුද්ගල ඝාතනයක්… ඝාතකයා  මතට ඇබ්බැහි වුන කුඩු කාරයෙක්…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.