අම්පාරේ 15 හැවිරිදි දරුවෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගනී…

අම්පාර ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

පොලිසිය පවසන පරිදි නිවසේ තිබූ බලපත්‍ර නැති බෝර 12 තුවක්කුවකින් මෙසේ වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති සිසුවා අම්පාර මායාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙ සිසුවා  පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව   නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බවය.

බරපතල තුවාල ලද සිසුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.


වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය විමර්ශන පවත්වයි.

 

Exit mobile version