සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභ්‍යාවකාශයේ පරණ කරනු ලැබූ කෝටි 20සේ වයින් බෝතලේ…

by editor
මැයි 9, 2021
in පුවත්, වින්දන
Share on FacebookShare on Twitter

– බී.බී.සී –

අභ්‍යවකාශයේ සැරිසැරූ වයින් බෝතලයක්   පසුගිය 04 දා අලෙවිය සඳහා ඉදිරිපත් කළේය.  වයින් බෝතලය ඉදිරිපත් වුනේ පෞද්ගලික වෙන්දේසියකටය.  වෙන්දේසි ආයතනය වූ  Christie’s වයින් බෝතලයේ විකුණුම් මිල ඇස්තමේන්තු කර තිබුණේ   ඇමරිකානු ඩොලර් මිලියනයකටය. ලංකාවේ මිලෙන් දල වශයෙන් මිලියන දෙසීයකටය. කෝටි 20කටය.

වයින් බෝතලය තැන්පත් කිරීමට සැකසූ විශේෂ ඇසිරුම

අභ්‍යාවකාශයේ පරණ කළ මෙම ප්‍රංශ   වයින් බෝතලය කක්ෂගත කිරීමෙන් අනතුරුව වසරකට අධික කාලයක් පෘථිවිය වටා ගමන් කර තිබිණි. ප්‍රංශයේ බෝඩෝ (Bordeaux) කලාපයේ වැවෙන මිදි වලින් පෙරා ගන්නා ලද යුෂ භාවිත කොට සකසන ලද මෙම වයින් වර්ගය නම් කර ඇත්තේ පෙට්රුස් 2000 (Pétrus 2000) නමිනි.

පෙට්රුස් 2000  වයින් විශේෂය නිශ්පාදනය කරන එස්ටේට් ශැටෝ පෙට්රුස් (Bordeaux estate Château Pétrus) සමාගම වසරකට නිපදවන්නේ වයින් බෝතල් 30,000ක් වැනි ප්‍රමාණයකි. එම නිෂ්පාදනය සෑම වසරකම ලෝකයේ මිල අධිකම වයින් වර්ග අතර ශ්‍රේණිගත වෙයි. වසර 2000 දී ලද මිදි පලදාවෙන් පෙරන ලද Pétrus වයින් බෝතලයක මිල සාමාන්‍යයෙන් ඩොලර් 6000කි. ශ්‍රී ලංකාවේ දී සාමාන්‍ය බෝඩෝ  වයින් බෝතලයක මිල රුපිලයල් ලක්ෂ 12කි.  අභ්‍යාවකාශයට ගොස් කෝටි 20ක වටිනාකමක් ලබා ගත්තේ මේ ලක්ෂ 12ක වයින් බෝතලය ය.

මෙම වෙන්දේසියේ දී අභ්‍යවකාශයේ පැරණි කරන ලද වයින් බෝතලය සමඟ සාමාන්‍ය Pétrus 2000 බෝතලයක් ද අලෙවි කරනු ලබන බව Christie’s ආයතනයේ සේවය කරන, වයින් පිළිබඳ විශේෂඥ ටිම් ට්‍රිප්ට්‍රී  පවසා තබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එතකොට මේ වාසනාවන්ත ගැනුම්කරුට පුළුවන් මේ වයින් බෝතල් දෙකේ වෙනස සසඳා බලන්න.” ඔහු ප්‍රකාශ කළේය.

අභ්‍යාවකාශගත වූ වයින් බෝතලය

වයින් බෝතල් ගබඩා කර තිබූ අභ්‍යාවකාශ මධයස්ථානය

මෙම වයින් බෝතලය මාස 14ක් පුරා අභ්‍යවකාශයේ කක්‍ෂගත කර තිබුණි. ගුරුත්වාකර්ෂණයෙන් තොරව

ස්පේස් කාගෝ අන්ලිමිටඩ් (Space Cargo Unlimited) ආයතනය විසින් වයින් බෝතල් 12ක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත යවා තිබුණේ 2019 වසරේදී ය. ඒ Mission WISE නමැති අභ්‍යවකාශ පර්යේෂණ වැඩසහටහනේ අංගයක් ලෙස  අහාර පාන සහ කෘෂිකාර්මික පර්යේෂණ අධ්‍යයනයක් සඳහාය. මෙම පර්යේෂණ අධ්‍යයනය සිදු කර තිබුණේ පෞද්ගලික අරමුදල් වැය කිරීමෙනි.

දින 400කට අධික කාලයක් අභ්‍යවකාශයේ රැඳෙමින්, ගුරුත්වාකර්ෂණයෙන් තොරව කිලෝමීටර මිලියන 300ක් පමණ පෘථිවිය වටා භ්‍රමණය වෙමින් තිබූ මෙම වයින් තොගය නැවත පෘථිවිය කරා පැමිණියේ 2021 වසරේ ජනවාරි මාසයේදී ය.

අනතුරුව ඒවා  විද්‍යාඥයන් විසින් විශ්ලේෂණයට ලක් කරන ලදී. එමෙන්ම, පෘථිවිය මත පැරණි කරන ලද වයින් සහ අභ්‍යවකාශයේ පැරණි කළ වයින් සංසන්දනය කිරීම සඳහා බෝඩෝ විශ්වවිද්‍යාලයේ වයින් පීඨය විසින් වයින් රස බලන්නන් කණ්ඩායමක් යොදවන ලදී. එය සිදු කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදී ය.

එහි රසය හොඳද? නරකද?

 එම මහඟු අවස්ථාව ලද වාසනාවන්තයින් කීප දෙනා අතර Inside Bordeaux නමැති ග්‍රන්ථයේ කතුවරිය වන, මාධ්‍යවේදිනී ජේන් ඇන්සන් ද වූවාය.

“එහි රසය වඩා හොඳද නරකද කියල කියන්න මට හරිම අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඒක වෙනස්.” ඇය බීබීසීයට පැවසුවාය.

“මල් සුවඳ වැඩියි, දුම් රසයත් වැඩියි. Petrus වයින් පරණ වෙනකොට කොහොමත් එහෙම වෙනවා.”

“සාමාන්‍යයෙන් අවුරුදු 60ක්, 70ක් සැබවින්ම පරණ කරන වයින් වර්ග ඒ තරම් නැහැ. Petrus කියන්නේ එහෙම පරණ කරන වයින් වර්ගවලින් එකක්.”

කෙසේ නමුත් පැහැදිලිව ඇතිවූ මෙම වයින් රසයේ වෙනසට හේතු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය රහිතව පැරණි වීම ද? නැතහොත් පෘථිවියේ සිට අභ්‍යවකාශය දක්වාත් නැවත පෘථිවිය දක්වාත් සිදු කෙරුණු දීර්ඝ ගමන ද? යන්න  ඇය ස්ථිරවම නොදත්තාය.

“නමුත් ඒ රසයේ පැහැදිලි වෙනසක් තිබුණා.” ජේන් ඇන්සන් ප්‍රකාශ කළාය.

අභ්‍යවකාශයේ පැරණි කරන ලද වයින් අතරින් වෙන්දේසියේ අලෙවි කරනු ලබන්නේ ඊට ඉදිරිපත් කර ඇති බෝතලය පමණි.

වයින් රස බැලීම සඳහා මේ වනවිට බෝතල් තුනක් විවෘත කර තිබේ. ඉතිරි බෝතල් අට ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා තබා ගැනෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාව තුළ දිනකට වාර්තාවූ වැඩිම ආසාදිතයන් අද… ගණන 2659යි…

Next Post

කොවිඩ් මරණ 800 ඉක්මවයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.