සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප එන්නේ කරවටක් ණය බරින් මිරිකි සිටින සංචාරක ව්‍යාපාරයේ ව්‍යවසායකයින් ඉන් ගලවා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රමෝපායක් එක්ක…

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වසර කිහිපයක් තිස්සේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීනයන් සමග එක් වී සිදුකළ දිර්ඝ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශයට පත් වන ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිශ්චිතවම සිදුවන බවත්, ව්‍යවසායකයා සහ රජය එකම පාර්ශවයක් වී කටයුතු කර මෙම ක්ෂේත්‍රය ගොඩනැන්වීමට ආරාධනා කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සංචාරක ව්‍යාපාරයේ සිටින ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහු ප්‍රකාශ කළේ මුදල් නිශ්පාදනය කරන්නේ රජය නොව ව්‍යවසායකයන් බවත් රජය කරන්නේ ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ව්‍යාපාර කරන්නන් විසින් කරන මුදල් නිශ්පාදනයෙන් කොටසක් බදු ලෙස අය කරගැනීම බවත් ඔහු රැස්ව සිටි ව්‍යවසායකයන්ට පැහැදිලි කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) ශ්‍රි ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය දක්වමිනි.

එහිදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අප විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනිවාර්යයෙන්ම ක්‍රියාවට නඟනවා. අපි සංචාරක ක්‍ෂේත්‍රයෙන් කරුණු කිහිපයක් මූලිකව අපේක්‍ෂා කරනවා. තෝරාගෙන තිබෙන අනෙකුත් ක්‍ෂේත්‍රවලට යම් ආරම්භයක් ගන්න යම් කැප කිරීමක් සහ යම් කාලයක් ගත වෙනවා. නමුත්, රට ආර්ථික වශයෙන් කඩාවැටී තිබෙන අර්බුදයෙන් කෙටිකාලීන විසඳුමක් සොයා ගැනීමට තිබෙන ප්‍රධාන මාවත සංචාරක කර්මාන්තයයි.

අපි මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදයක් නම්, වාර්ෂිකව අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට සමත් නොවීම සහ රට තුළ වියදමට අදාළව ආදායම් උපයා ගැනීමට සමත් නොවීමයි. මේ ප්‍රධාන මූලාශ්‍ර දෙකෙන් තමයි, ප්‍රධාන වශයෙන් ම ආර්ථික අර්බුදය ජනිත කර තිබෙන්නේ. දිගුකාලීන, ස්ථිර ආර්ථික සැලැස්මක් සකස් කර වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සහ භාණ්ඩාගාරයට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු වෙනවා. සංචාරක කර්මාන්තය ඩොලර් උපයා ගැනීමේදී වැදගත්ම ක්‍ෂේත්‍රයක් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මුහුණ දුන් නමුත්, අප මුහුණ නොදුන් සාධකයක් තමයි, නාගරික ජනාවාසකරණය. චෙන්නායි, ඩකා, ෂැංහයි නගර මේ අර්බුදයට මුහුණ දී සිටිනවා. අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය ගමේ ඉන්න කෙනා ගමේම රැඳෙමින්, ආර්ථික, සමාජයීය ජීවිතය උසස් කර ගැනීමයි. ඒ වෙනුවෙන් අපේ ආර්ථික ආකෘතිය සකස් කර තිබෙනවා.

මේ වන විට ජාතික ආර්ථිකයට සියයට 36ක දායකත්වයක් බස්නාහිර පළාතෙන් ලබා දෙන අතර, ඌව පළාතෙන් ලබා දෙන්නේ සියයට 04ක් පමණයි. උතුරුමැද පළාතෙන් සියයට 05යි. කොළඹ කේන්ද්‍රගත කරගෙන ආර්ථිකය ගොඩනැඟී ඇති හැටිත් පැහැදිලියි. මේ මොහොතේ අර්බුදයක් ලෙස නොපෙනුණත්, එය අනාගතයේ අර්බුදයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසා ගමේ කෙනා ගමේම රඳවමින්, ආර්ථික සහ සමාජයීය ජීවිතය උසස් කිරීමේ විශේෂ විභවතාවක් සංචාරක කර්මාන්තයට තිබෙනවා. වෙරළ තීරය, මධ්‍ය කඳුකරය, ඓතිහාසික උරුමයන් රට පුරා සැලැකිය යුතු ප්‍රමාණයකින් විසිරී තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම, සංචාරක කර්මාන්තයත් එක්ක එකට ගැටගැසී තිබෙනවා.

සංචාරක කර්මාන්තය සහ තේ කර්මාන්තයේ එකවිට නියැළෙන ව්‍යාපාරිකයෙක් අපට ඉතා වැදගත් කරුණක් සඳහන් කළා. අවුරුදු තිහක් තේ කර්මාන්තයේ නියැළී සිටියත්, එම සේවකයකුට රුපියල් 35,000කට, 40,000කට වඩා මාසයකට දෙන්න බැහැ කියලා ඔහු කිවුවා. නමුත්, එයාගේ සංචාරක හෝටලයේ අවුරුද්දක් වැඩ කළ පසුව සේවකයෙකුට රුපියල් ලක්‍ෂයක පමණ දීමනාවක් ගන්න පුළුවන් බව ඔහු කිවුවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ දී සංචාරක කර්මාන්තයට පැවරී තිබෙන කාර්යභාරය මෙයින් පැහැදිලියි.

ලෝකයත් එක්ක ශ්‍රී ලංකාව පිටුපසින් ඉන්නා අතර, යුද්ධය හේතුකොටගෙන උතුරු, නැඟෙනහිර වඩාත් පිටුපසින් ඉන්නවා. දශක කිහිපයක් තිබුණු යුද්ධය විසින් එම ජනතාවට ආර්ථිකයේ හිමි විය යුතු අවස්ථා අහිමි කර තිබෙනවා. එම ජනතාව ආර්ථික ක්‍රියාකාරකමකට ඉක්මනින් ගෙන යනවා නම්, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් කාර්යභාරයක් තිබෙනවා. ඒ අනුව අපේ ආණ්ඩුවක් යටතේ සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාව පිළිබඳ යථාර්ථය සත්‍ය වශයෙන්ම අප දකිනවා.

එහිදී අපේ කාර්යභාරය මොකක්ද? මිලියන 4ක සංචාරක ඉලක්කය සපුරා ගන්න පවතින ගුවන්තොටුපොළ මඟින් උත්සාහ කළොත්, පැය දෙක තුනක් රස්තියාදු වෙන්න වෙනවා. එහෙම නම්, අපේ ගුවන්තොටුපොළේ නවීකරණයක් සිදු කළ යුතුයි. කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට පැමිණි ආයෝජකයන් එය දාලා ගියේ ඇයි කියලා ඔබ දන්නවා. ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් ප්‍රමුඛතා අනුව ලබා දීම සිදු කරනවා. ඔබ සහ අප අතර අවබෝධයෙන් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වාගේම නීතිමය රැකවරණය මූලික අවශ්‍යතාවක්.

ඒ වාගේම සංචාරක ව්‍යාපාරය ඉහළම මට්ටමක පවතින රටවල තමන්ගේ ජාතික ගුවන් සේවය ප්‍රමුඛතම කාර්යභාරයක් ලෙස පිළිගෙන තිබෙනවා. අපි ප්‍රතිපත්තියක් ලෙස ජාතික ගුවන් සේවයට පක්‍ෂපාතී වන අතර, දැන් අපට ‘එයාර් ලංකා’ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. එය රජයේ තබාගෙන වර්ධනය කරන්න පුළුවන්ද? රජය සහ කළමනාකරණ හැකියාව තිබෙන සමාගමක් එක් කරගෙන ඒකාබද්ධව මෙහෙයවන්න පුළුවන්ද? නැත්නම්, මුළුමනින්ම අත්හැර දමනවාද යන විකල්ප තුන අප හමුවේ තිබෙනවා. එයින් අප වඩාත් කැමැති රජය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නයි.

සාමාන්‍ය තත්වයකින් ගලාගෙන යන විට සාමාන්‍ය තත්වයෙන් පවතින ආයතන ප්‍රමාණවත්. නමුත්, විශේෂ පිම්මක් ගන්න නම්, පරිවර්තනයකට භාජනය කරවන්න නම්, ඒ සියලු ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කර ගත් ආයතනයක් අවශ්‍යයි. උදාහරණයක් හැටියට වෙනත් බලතල තිබුණත්, මහවැලි අධිකාරිය ගත්තොත්, එයට ඉඩම්, නිවාස, ක්‍රීඩා, වාර්මාර්ග, මහාමාර්ග ඉදිකිරීමේ බලතල ලබා දී තිබෙනවා. ඒ කාර්යය අවසන් කළාට පස්සේ ඉඩම් එම අමාත්‍යාංශයටත්, වැව්, ඇළවල් වාර්මාර්ග අමාත්‍යාංශයටත් ආදී වශයෙන් දෙන්න ඕනෑ. තිස් අවුරුද්දකට මුලින් සැලැසුම් කර තිබූ මහවැලි අධිකාරිය සය අවුරුද්දකට සීමා කරන විට එක ආයතන පද්ධතියකට ගත යුතු වුණා.

සංචාරක කර්මාන්තය පිම්මක් ගන්න නම්, අප විසින් යෝජනා කර තිබෙන කොමිෂන් සභාව පිහිටුවිය යුතුමයි. අප ගන්නා වර්ධන ඉලක්ක සම්පූර්ණ කරගෙන සාමාන්‍ය තත්වයට පත් වූ පසු අදාළ ආයතනවලට අදාළ බලතල පවරා අවසන් කළ යුතුයි. 2019 සිදු කළ පාස්කු ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය විශාල වශයෙන් බිඳවැටී තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් නැවත වැටුණත්, බොහෝ රටවල් යථා තත්වයට පත් වී ඇතත්, අපි තවමත් පැවති තත්වයට පැමිණීමට අසමත්ව සිටිනවා. පොදුවේ ඇති වූ ගෝලීය අර්බුදයක් නිසා කඩාවැටීම සිදු වුණා නම්, සමස්ත රටක් හැටියට එයින් ගොඩඒමේ මාර්ගය සකසාගත යුතුයි.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කර තිබෙන සහන බැංකුවෙන් සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් ගිලී සිටින ණය බරෙන් නිදහස් කරමින්, ක්‍රමානුකූලව බැංකු ණය ලබා දී, ගොඩගත යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මේ ක්‍ෂේත්‍රයට අලුත් කණ්ඩායම් පැමිණෙන්නත් ඕනෑ. ලක්‍ෂ අටක රැකියා ලබා දීමේ ඉලක්කය වෙනුවෙන් මහා පරිමාණ හෝටල් තුළම රඳාපැවතිය යුතු නැහැ. ග්‍රාමීයව කුඩා ඒකක ලෙස පිහිටුවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් අතට මෙය පත් කළ යුතුයි.

අලුත් අය මේ ක්‍ෂේත්‍රයට කැඳවා ගැනීමට ප්‍රාග්ධනය, කළමනාකරණ හැකියාව ලබා දීම ආණ්ඩුවේ වගකීමක් හැටියට අපි පවරා ගන්නවා. එදිනෙදා අපේ දේශපාලන ක්‍ෂේත්‍රයේදී අපට ඔබව මුණගැසෙනවා අඩුයි. වෙනත් අය අප ගැන ඔබට කියන දේවල් වැඩිපුර සන්නිවේදනය වන බව අපි දන්නවා. ආණ්ඩුවක් ධනය නිෂ්පාදනය කරන්නේ නැහැ. ධනය නිෂ්පාදනය කරන්නේ ඔබ සැම. ඔබ නිෂ්පාදනය කරන ධනයෙන් බදු ලෙස පංගුවක් ආණ්ඩුව ගන්නවා.

එම නිසා භාණ්ඩාගාරයට වැඩියෙන් ධනය උපයා ගැනීම සඳහා ඔබ ඔබේ ව්‍යාපාරය, කර්මාන්තය වැඩි වැඩියෙන් දියුණු කරන්න ඕනෑ. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම ඊට අවශ්‍ය සහාය ලබා දීමයි.

මේ රටත්, රටේ ජනතාවත් පිළිබඳව පැහැදිලි සද් වුවමනාවක් අපට තිබෙනවා. ඒ අරමුණ වෙනුවෙන් ඔබේ ක්‍ෂේත්‍රයෙන් දායකත්වය අපට දෙන්න. ඒ සඳහා රජයේ පහසුකම් අප සලසා දෙන්නම්. ඔබ සහ අප කියන්නේ පාර්ශ්ව දෙකක් නොවෙයි. ව්‍යවසායකයා සහ ආණ්ඩුව ගැටුමක් පවතින පාර්ශ්ව නොවිය යුතුයි. දැන් පවතින්නේ ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ සහ ව්‍යවසායකයා අතර ගැටුම් ඇති වීමයි. නමුත්, අපි පළමු වතාවට ව්‍යවසායකයාත්, ආණ්ඩුවත් එකට කල්පනා කරමින්, මේ ක්‍ෂේත්‍රය ඉදිරියට ගෙන යාමේ ආණ්ඩුවක් අපි නිර්මාණය කරමු.

මේ වැඩපිළිවෙළ සකස් කරන්න පාර්ශ්ව ගණනාවක් එක් වී ක්‍ෂේත්‍රයේ බිම් මට්ටමට ගොස් වසර කිහිපයක් සාකච්ඡා කළා. උදාහරණයක් හැටියට ඇල්ල ප්‍රදේශයේ ඉදිකිරීම්වල පවතින අක්‍රමවත්භාවය ඇතුළු කරුණු ගණනාවක් අපි අධ්‍යයනය කළා. එවැනි ආකාරයෙන් නිර්මාණය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටින බව අවධාරණය කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පල්ලේකැලේ ලෙජන්ඩ් තරග පාවාදීමට යෝජනා කළ පංජාබ් රෝයල්ස් කළමණාකරුට අධිකරණය එක් කෝටි දස ලක්ෂයක දඩයක් නිමය කරයි… දඩ නොගෙව්වොත් බරපතල වැඩ ඇතිව අවුරුදු 05ක් හිරේ…

Next Post

රුපියල් ලක්ෂ 60 අයිස් මත්ද්‍රව්‍ය සමග තංගල්ලේ දී පුද්ගලයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.