අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ රටෙත් තිබෙන අලුත් කොරෝනා ප්‍රභේදය හිතුවාට වඩා බරපතලයි

බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ගෙන් අනතුරු ඇඟවීමක්

by Lanka Sara Editor
පෙබරවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් මුල් වරට හඳුනා ගත් මේ වනවිට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව ප්‍රදේශවලින්ද හමුව ඇති නව කොවිඩ් 19 වයිරස ප්‍රභේදය පෙර වෛරස ආකාරයට වඩා භයානක විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කෙරුණු පර්යේෂවල නවතම තොරතුරුවලින් හෙළි වෙයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ සිදු කෙරුණු පර්යේෂණවලින් තහවුරු වී ඇති බව පසුගියදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද නිල වශයෙන් ප්‍රකාශ කළේ එහි බරපතලකම ජනතාවට වටහා දීමටය.

බොරිස් ජොන්සන් අගමැතිවරයා රට තුළ තවදුරටත් සංචරණ සීමා ඇතුළු කොවිඩ් ආරක්ෂක පියවර තද කරන්නට කටයුතු කළේ බ්‍රිතාන්‍යයේ නව සහ නැගී එන සහ නව ශ්වසන ආබාධ සම්බන්ධ උපදේශක කණ්ඩායම විසින් සිදු කරන ලද පුළුල් අධ්‍යයනයක තොරතුරු තමන් අතට පත් වීමෙන් පසුවය.

මෙම පර්යේෂකයන් රජයට නිල වශයෙන් දන්වා තිබුණේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තය ඇසුරින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මුල් වරට හඳුනා ගන්නා ලද කොවිඩ් 19 වයිරසය ඇති කරන වයිරසයට වඩා මෙම නව වයිරස ප්‍රභේදය සියයට 30ත් 40ත් අතර මරණ වැඩි කිරීමට බලපෑ හැකි බවය.
මෙම නව වෛරස ප්‍රභේදය පිළිබඳව මුලින් පර්යේෂකයන් කීවේ එහි පැතිරීම වේගවත් වුවද හානිකර බවින් අඩු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ වුවද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කළ පර්යේෂකයෙක් පවසා තිබුණේ මෙම වයිරසය මුල් වයිරස ආකාරයට වඩා සියයට 30කින් මාරාන්තික වන බවය. එසේම බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන විද්‍යා උපදේශක මහාචාර්ය පීටර් වැලන්ස් පවසන්නේ මෙම වයිරස ප්‍ර‍භේදයමුල් වයිරසයට වඩා සියයට 30 ත් 70ත් අතර වැඩි වේග ප්‍රතිශකයකින් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවිය හැකි බවය. එහිදී වයස සීමාවක් බලනොපාන බවද ඔහු පෙන්වා දෙයි.

රට තුළ සිදු කරන ලද පර්යේෂණ වාර්තා මත පදනම් ව මහාචාර්ය වැලන්ස් පවසන්නේ මුල් කොවිඩ් වයිරසය මඟින් බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් දහසකින් 10ක් පමණ මිය යාමේ තත්ත්වයක් පැවති අතර නව වයිරස ප්‍රභේදයෙන් එය දහසකට 13ක් 14තක් පමණ වන තත්ත්වයක් පවතින බවය.

වේගයෙන් පැතිරීමත් මරණ ප්‍රතිශතය වැඩිවමසත් සමඟ මෙම වයිරසයේ මුහුණුවර වෙනස්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිතතා මතුවීම නොවැළැක්විය හැකි බැවින් හැකි තරම් ගමන් බිමන් සීමා කිරීම සමාජ දුරස්ථභාවය ඇතුළු මූලික කොවිඩ් ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර නිව් සයන්ටිසිට් සඟරාව අනාවරණය කරන්නේ ලන්ඩනයේ ඉම්පීරියල් වෛද්‍ය විදයාලයයේ සිදු කරන ලද පර්යේෂණවලින් කොවිඩ් වයිරස ආසාදිතයන්ගේ නව රෝග ලක්ෂන හතරක්ද හඳුනාගෙන ඇති බවය. ඒ අනුව වෙව්ලා උණ ගැනීම, මාංස පේශී වේදනාව, හිසරදය සහ ආහාර අරුචියද කොවිඩ් රෝගීන් කෙරන් දැකිය හැකි වන අතර නව ප්‍රෙභ්දය හෝ මුල් වයිරස ආකාරය ආසාදිතයන් අතර භේදයකින් තොරව එම රෝග ලක්ෂණ හමුවන බවය.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් කර්කෝව් පවසන්නේ ඊට වඩා වෙනස් අදහසකි. ඇයට අනුව මෙම නව වෛරස ප්‍රභේදය වඩාත් බරපතල තත්ත්වයක් නිර්මාණය කරවන බවට තමන්ට නිල විද්‍යාත්මක තොරතුරු වාර්තා වී නොමැති බවය.එසේ වුවද මෙම වෛරසය වේගයෙන් පැතිරීමේ තත්ත්වයක් තුළ රටවල සෞඛ්‍ය අංශවලට මෙම තත්ත්වය දරාගැනීම විශාල අභියොග්යක් විය හැකි බවට ඇය මත කළ කරයි.

බ්‍රිතාන්‍යයේ ජානමය ආවේක්ෂෂණ වැඩසටහන මඟින් ද සිදු කරන ද මෙම නව ප්‍රෙභ්දය පිළිබඳව පර්යේෂණ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කරමින් එහි ප්‍රධානියා පවසන්නේ මෙම වයිරසය මේ වනවිට මුළු බ්‍රිතාන්‍යෙය්ම පැතිර ඇති අතර එය දැනට ලෝකයේ රටවල් 50ක පමණ පැතිර යනු ඇති බවය. එය කෙටි කලක් තුළ මුළු ලෝකයේම පැතිර යනු ඇති බව ට එම ආයතනයේ ප්‍රධානී මහාචාර්ය ෂැරොන් පීකොක් පවසන්නේ මෙම වෛරසයේ වෙනස්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ කළ යුතු තත්වයක පවතින බවය.

බ්‍රිතාන්‍යයෙන් පැතිරීම ආරම්භ වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය වන B.1.1.7 ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවල රෝගීන් අතර පවතින බව සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වූ ශ්‍රි ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද සහ අණුක ජෛවවේද අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද පෙරවරුවේ අනාවරණය කළේය.

ඔහු මේ අනාවරණයන් කළේ ජනවාරි මාසය තුල ලබා ගත් සාම්පල පරීක්සාවකින් පසුවය. පෙබරවාරි මාසයේද මේ වනවිට දින 12ක් ගෙවී ගොසිනි. මේ කාලය තුළ මෙම වයිරස ප්‍රෙභ්දය රටේ තවත් ප්‍රෙද්ශ ගණනාවකටම ව්ව්‍යාප්ත ව ඇතුවාට සැකයක් නැත.

එවැනි තත්ත්වයකට මුහුණ දීම අභියෝගයක් වන්නේ කරණු දෙකක් නිසාය. එක් අතකින් මහජනතාව මෙහි බරපතකම පිළිබඳව අනවබෝධයකින් කටයුතු කිරීමය. අනෙක රජයේ කොවිඩ් කළමනාකරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම මේ වනවිට අවුල් ජාලයක්ව පැවතීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

Next Post

සෞඛ්‍ය පිළිවෙත් රකිමින් සංඝයා වහන්සේ 60 නමක් සිරිපා කරුණා කරති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.