සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය ඥානසාර හිමියන්ටත් නොලැබෙන හැඩ…

පක්ෂ සභාපති “රෝයල් බීච් සමන්“ හෙවත් සමන් පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

by editor
අගෝස්තු 9, 2020
in පුවත්
Galagodaatte-Gnanasara-Thero

ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Share on FacebookShare on Twitter

මැතිවරණ ප්‍රතිඵල අනුව අපේ ජන බල පක්ෂයට  හිමිව ඇති පාර්ලිමේනතු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන බව සඳහන් වුවද එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා හෙවත් “රෝයල් බීච් සමන්“ පත් වීමේ සැලසුමක්  පිළිබඳව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසර ට අනාවරණය කළේය.

ජාතික ලයිස්තුවට පත්විය හැක්කේ මැතිවරණයට ඉල්ලා පරාජය වූ හෝ ජාතික ලයිස්තුවේ නම සඳහන් පුද්ගලයන්ට පමණක්වන අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තරග කළ කුරුණෑගල අපේක්ෂක ලයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසා උන්වවහන්සේට තරග කිරීමට නොහැකි විය. මෙම තත්ත්වය තුළ ඥානසාර හිමියන්ට සෘජුවම ජාතික ලයිසතුවෙන් පත් වීමේ බාධකයක් පවතී.

ඒ අනුව ජාතික ලයිස්තුවේ නම් සඳහන් පුද්ගලයකු මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නම් කොට ඔහු දිවුරුම් දීමෙන් පසු ඔහු  ඉල්ලා අස්වී පක්ෂ මහලේකම්වරයාට යළි මන්ත්‍රිවරයකු පත් කිරීමට පවතින නෛතික ඉඩකඩ භාවිත කිරීමට පක්ෂය සූදානම් වන බව පක්ෂ සභාපතිවරයා මාධ්‍ය හමුවකදී පැවසීය. කෙසේ වුවද මෙසේ පත් කරන පුද්ගලයා කවුරුන්දැයි ඔහු මාධ්‍ය හමුවේ හෙළි නොකළද ලංකාසරට වාර්තා වන්නේ සමන් පෙරේරාගේ නම මන්ත්‍රි ධුරය සඳහා පත් කරන ලෙස  එම පක්ෂයේ අලුතින් පත් කළ මහලේකම්වරයා විසින් මේ වනවිට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවය.

 පක්ෂ සභාපතිවරයාට අනුව මෙම පක්ෂයේ මහලේකම්ව සිටි  වේදිරිගම විමලතිස්ස හිමියන් එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා පත් කිරීමේ තීරණය ගැනීමේ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවීම මඟ හැර එම සභාවේ අනුමැතියකින් තොරව තමන් එම තනතුරට පත් කරන ලෙස මැතිවරණ කොමිසමට දන්වා ඇති අතර මේ වනවිට මෙම ස්වාමීන් වහන්සේ පක්ෂ ප්‍රබලයින්ගෙන් සැඟවී සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද මෙම හිමි නම පක්ෂයේ කටයුතුවලින්  මඟහැරීමෙන් පසුව මධ්‍යම කාරක සභාව රැස් කොට පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන   නිශාන්ත රත්නායක පත් කිරීමට තමන් කටයුතු කළ බව පක්ෂ සභාපති සමන් පෙරේරා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.  ඔහු තවදුරටත්  මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම ජාතික ලයිස්තුවේ නොමැති හෙයින් උන්වහන්සේ සෘජුවම පත් කිරීමට නොහැකි  බැවින් ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කරගනිමින් උන්වහන්සේ පත් කිරීම පිළිබඳව ඒකමතික තීරණයක හිඳ කටයුතු කරන බවය.

 දකුණේ  සිදුවීම් ගණනාවක් සම්බන්ධ චෝදනා ලද්දකු වන සමන් පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් යම් හෙයකින් ඉල්ලා අස් නොවුවහොත් ඔහු දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස වරප්‍රසාද ලබාගෙන කටයුතු කරාවිද යන සැකය මතුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශෂිකලා රවිරාජ් වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ එක්වේ…

Next Post

ආණ්ඩුවේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව කැප වෙනවා… මෛත්‍රී කියයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.