කාසියේ වාසිය උරගා බලා තිබේ. ලක්නව්හි භාරත රත්න ශ්‍රී අතල් බිහාරි වජ්පායි එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජගහ්‍රණය කර ඇත. ඔවුන් පන්දුවට පහරදීම තෝරාගෙන ඇත.
තරග දෙක බැගින් පරාජය වී ඇති පස් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියාවත්, එක් වතාවක් ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාවත් පළමු වටයෙන්ම විසිවෙනවා, තවදුරටත් තරාගවලියේ රැඳී ඉන්නවා ද යන්න සම්බන්ධව කෙරෙන විලිලජ්ජාව පිළිබඳ සටනට අද (16) ස්වල්ප මෙහොතකින් පිවිසෙති.
2023 ලෝක ශූරතා තරගාවලියේ දී පැට් කුමින්ස්ගේ නායකත්වය සහිත ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැවති තරග දෙකේදීම ලකුණු 200ට අඩුවෙන් දැවී ගියේය. දැවී ගොස් පරාජය වුනේය. අප පැවති තරග දෙකේම ලකුනු 300කට වඩා රැස් කළේය. නමුත් ලෝක වාර්තා තබා පරාජය වුනේය. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු 448ක් වූ වැඩිම ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කළේ අපට එරහිවය. ඒ දකුණු අප්‍රිකාවය. එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹාගොස් පැරැද්දුවේත් අපවය. ඒ පකිස්ථානය ය.
දසුන් ශානක නැති කණ්ඩායම කුසල් මෙණ්ඩිස් විසින් මෙහෙයවන්නේය. ඒ වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට පැමිණ ඇත. මතීෂ පතිරණ වෙනුවට ලහිරු කුමාර තරගයට එක් වී සිටී. ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනසක් නොවනු ඇත.
කෙසේ වෙතත් අන්තර්ජාතික මාධ්‍යය වාර්තාවන්ට අනුව ජයග්‍රහණයේ වැඩි බර ඔස්ට්‍රේලියාවටය.
මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 199කටත් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 177කටත් දැවී ගොස් බිහිසුණු පරාජයක් අත් විඳ ඇති ඔස්ට්‍රේලියාව මේ තරගය ජයග්‍රහණය කිරීමට දැඩි උත්සාහයකින් පිවිසීමට නියමිතව තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාව සිය අවසන් තරග 10දී ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ හයක් වාර්තා කර ඇත. එමෙන්ම 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් උත්සාහයන් හතේදීම ඕස්ට්‍රේලියාව අභිබවා යාමට අපොහොසත් වී තිබේ.
එමෙන්ම ඕවර 50 ආකෘතියෙන් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. පස් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ 63ක් වාර්තා කර ඇත. එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කර ඇත්තේ 36 වතාවක් පමණි.
මේ තත්ත්වයන් මත ජයග්‍රහණය සඳහා වැඩි බරතැබීමක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙත තැබුවත් ක්‍රිකට් ලෝකයේ අප බොහෝ වෙනස්කම් කර ඇති බව සිහි තබා ගත යුතුව තිබේ. ඇෆ්ගනුවන් අතින් එංගලන්තය කුජීත වනු ඇතැයි කිසිවෙක් කල්පනා නොකළ බව සිහි කරමි.