අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි දිනයි ද?

by editor
ඔක්තෝබර් 16, 2023
in පුවත්
kusal
Share on FacebookShare on Twitter

කාසියේ වාසිය උරගා බලා තිබේ.   ලක්නව්හි භාරත රත්න ශ්‍රී අතල් බිහාරි වජ්පායි එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  ආරම්භ වීමට නියමිත  ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගයේ දී   ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජගහ්‍රණය කර ඇත. ඔවුන් පන්දුවට පහරදීම තෝරාගෙන ඇත.

තරග දෙක බැගින් පරාජය වී ඇති පස් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියාවත්, එක් වතාවක් ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාවත්  පළමු වටයෙන්ම විසිවෙනවා, තවදුරටත් තරාගවලියේ රැඳී ඉන්නවා ද යන්න සම්බන්ධව කෙරෙන විලිලජ්ජාව පිළිබඳ සටනට අද (16) ස්වල්ප මෙහොතකින් පිවිසෙති.

2023 ලෝක ශූරතා තරගාවලියේ දී පැට් කුමින්ස්ගේ නායකත්වය සහිත  ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැවති තරග දෙකේදීම ලකුණු 200ට අඩුවෙන් දැවී ගියේය. දැවී ගොස් පරාජය වුනේය. අප පැවති තරග දෙකේම ලකුනු 300කට වඩා රැස් කළේය. නමුත් ලෝක වාර්තා තබා පරාජය වුනේය. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම  ලකුණු 448ක් වූ වැඩිම ලකුණු  සංඛ්‍යාවක් කණ්ඩායමක්  රැස් කළේ අපට එරහිවය.  ඒ දකුණු අප්‍රිකාවය. එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹාගොස් පැරැද්දුවේත් අපවය. ඒ පකිස්ථානය ය.

දසුන් ශානක නැති කණ්ඩායම කුසල් මෙණ්ඩිස් විසින් මෙහෙයවන්නේය. ඒ වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට පැමිණ ඇත. මතීෂ පතිරණ වෙනුවට ලහිරු කුමාර තරගයට එක් වී සිටී.  ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනසක් නොවනු ඇත.

කෙසේ වෙතත් අන්තර්ජාතික මාධ්‍යය වාර්තාවන්ට අනුව ජයග්‍රහණයේ වැඩි බර ඔස්ට්‍රේලියාවටය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම ලෝක කුසලාන තරගාවලියේ දී    ඉන්දියාවට එරෙහිව ලකුණු 199කටත්  දකුණු අප්‍රිකාවට එරෙහිව   ලකුණු 177කටත්  දැවී  ගොස් බිහිසුණු පරාජයක් අත් විඳ ඇති    ඔස්ට්‍රේලියාව මේ තරගය    ජයග්‍රහණය කිරීමට  දැඩි උත්සාහයකින් පිවිසීමට නියමිතව තිබේ.

එමෙන්ම  ඔස්ට්‍රේලියාව සිය අවසන් තරග 10දී ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ හයක් වාර්තා කර ඇත. එමෙන්ම  1996 ලෝක කුසලාන තරඟාවලියේදී  ජයග්‍රහණයෙන් පසු    ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් උත්සාහයන් හතේදීම  ඕස්ට්‍රේලියාව අභිබවා යාමට අපොහොසත් වී තිබේ.

එමෙන්ම ඕවර 50 ආකෘතියෙන් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. පස් වතාවක් ලෝක ශූරයන් වූ  ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ 63ක් වාර්තා කර ඇත.  එක්දින තරග ඉතිහාසයේ  ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කර ඇත්තේ 36 වතාවක් පමණි.

මේ තත්ත්වයන් මත ජයග්‍රහණය සඳහා වැඩි බරතැබීමක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙත තැබුවත් ක්‍රිකට් ලෝකයේ  අප බොහෝ වෙනස්කම් කර ඇති බව  සිහි තබා ගත යුතුව තිබේ. ඇෆ්ගනුවන් අතින් එංගලන්තය කුජීත වනු ඇතැයි කිසිවෙක් කල්පනා නොකළ බව සිහි කරමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ දින 45කින්… ..

Next Post

කවදාවත් කරන්න නොහිතපු ඉල්ලීමක්…. අපට ඇෆ්ගනිස්ථානය වගේ වෙන්න බැරිද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.