ශ්‍රියානි විජේසිංහ –
වර්තමානයේ විපක්ෂයේ සින්නේ මෙතෙක් කිසි දවසක නොසිටි ආකාරයේ විපක්ෂ නායකයකවරයෙක් බවත් දවසේ න්‍යාය පත්‍රයට කිසිසේත්ම අදාල නැති ප්‍රශ්නයක් ඈදා ගනිමින් පාර්ලිමේන්තුවේ කාලය කා දමන බවත් ඇමතිවරයා පැවසුවේය.
අතීතයේ සිටි විපක්ෂ නායකවරු සැමවිටම රජය විසින් ක්‍රියාත්මක කරන වැඩ සටහන් සඳහා උපකාර කළ නමුත් අද සිටින විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහා රජය ගන්න කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය ලබා නොදෙන බවත් ඇමති අමරවීර මහතා සඳහන් කළේය.
තමාගේ වසර 29ක පාර්ලිමේන්තු කාලය තුල මෙවැනි විපක්ෂ නායකයෙක් දැක නොමැති බවත් සදහන් කළ ඇමතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ විපක්ෂ නායක වරයා තම බලතල අයථා ලෙස භාවිතා කිරීම පාලනය සඳහා පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනයගරුකභාවය යළි ස්ථාපිත කළ යුතුව ඇති බවත් මෙ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු කමිටුව මගින් නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරනු ඇති බවත් එම නීති රීති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනගරුකබව, හැසිරීම , ආදර්ශවත්බව මෙන්ම හොරකම්, වංචා, දූෂණ පිටුදැකීම සඳහා නීති රීති රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් ඇමතිවරයා අවදාරණය කරයි.