හැටන් – රන්ජිත් රාජපක්ෂ-
අපට නොදැනෙන ඛේදවාචක පාර දිගේ දිගහැරෙමින් ඇත.
මේ රාජ්‍ය බැංකු ඉදිරිපිට රැය පහන් කරන්නේ අපේ රටේ අන්ත දුගී ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වු සමෘද්ධි යෝජනා ක්‍රමය අවලංගු කර හඳුන්වා දුන් අස්වැසුම ප්‍රතිලාභීන්ය.
මේ ඡායාරූපවල සිටිනා හැටන් ප්‍රදේශයේ අසරණ වතු කම්කරු මිනිස්සු මේ වනවිට හැටන්වල ඇති දැඩි ශීතල මෙන්ම වර්ෂා අධික කාලගුණය නොසලකා අස්වැසුම බැංකු ගිණුම් විවෘත කරගැනීම සඳහා ඊයේ (26) රාත්‍රියේ සිට පෝලිමේවල සිටිති.

සොච්චම් ආධාර මුදලක් ලබා ගැනීම සඳහා අස්වැසුම බැංකු ගිණුමක් ආරම්භ කරගැනීම ඔවුන්ට මහා ගැටලුවක් වී තිබේ. ගිණුම් ආරම්භ කරගැනීම සඳහා තමන් දින ගණනාවක් මෙසේ බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව ගත කළ බව වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීහු අපට කියති.
වැරැද්ද කොතැනදැයි නොදනිමු. දුගී දුප්පත් අසරණයින්ගේ ආත්ම ගෞරවය කුණු කානු පල්ලට ඇද දැමීම රටකට උචිත නොවන බව ලියා තැබිය යුතුය.
මේ අසරණයින්ගේ අන්ත දුගී බව මේ රටේ පාලකයින්ගේ අසමත්කම, පමණක් නොව, නින්දා සහගත සොරකම, දූෂණය, වංචාවේ නිරුවත පිළිබඳ ප්‍රකාශනයක්වන බැවිනි.







