ලලිත් චාමින්ද-
විදේශිය කාන්තාවක් විසින් අධිකවේගයෙන් පදවාගෙන පැමිණි කාර්රථයක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේ ඊයේ (30) පස්වරුවේ දි වාහන හතරක ගැටිමෙන් වු අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකොට ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
හැට අට හැවිරිදිවියේ පසුවන නෙදර්ලන්ත ජාතික මෙම විදේශිය කාන්තාව තම සේවිකාව සමග කාර් රථයෙන් ගාල්ල දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය කොට ඇති බව පොලිසිය පවසයි.
විදේශිය කාන්තාව විසින් පදවාගෙන පැමිණි මෝටර් රථය හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දි ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබු කාර්රථ දෙකක, වෑන් රථයක හා ත්‍රි රෝද රථයක ගැටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ ත්‍රි රෝද රථයේ ගමන්කරමින් සිටි පිරිමි අයෙකු හා කාන්තාවන් දෙදෙනෙකි. මින් එක් අයෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට සහ අනික් තුවාලකරුවන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත්කොට ඇති බව පොලිසිය පවසයි.
විදේශිය කාන්තාව දැනට වසර 20ක කාලයක සිට මෙරට පදිංචිව සිටින තැනැත්තියකි. ඇය භාණ්ඩ කිහිපයක් මිලදි ගැනිම සදහා ගාලු නගරයට ගොස් ඇත. ඇය නලාගස්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත කාර්රථයෙන් පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුකොට ඇති බව පොලිසිය පවසයි.
ත්‍රි රෝද රථයට හා ඇය පදවාගෙන පැමිණි කාර් රථයක දැඩි හානිවි ඇති බව පොලිසිය පවසයි. විදේශිය කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමතිව තිබුණි.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි.ඒ.ඩි.ලලිත් සදරුවන්ගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ සිදුකරණු ලැබිය.







