දිනසේන රතුගමගේ –
වවුනියාව නෙඩුන්කේණී ප්‍රදේශයේදී අධිකරණ නියෝගය 06කට හා පොලිස් නියෝග වලට පටහැනිව පොංගල් පුජාවක් පැවැත්වීමේ හේතුව මත බන්ධනාගාර ගත කොට සිටින කෝවිලේ පූසාරිවරයා ඇතුළු සැකකරුවන් 9 දෙනා ඊයේ 13 දා සිට ආහාර වර්ජනයක නිරත වී සිටිති.
ඔවුන් මේ වන විට රඳවා ඇත්තේ වවුනියාව බන්ධනාගාරයේය.
වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි වඩ්ඩමාන පබ්බත විහාරය ලෙසින් හඳුන්වන බෞද්ධ නටබුන් සහිත ස්ථානයේ හින්දු කෝවිලක් තනා එහි ලිප් බඳිමින් පොංගල් කිරිබත් පිසීම නිසා පුරා වස්තු වලට හානි සිදු වීම හේතුවෙන් යළි පොගල් උත්සව මෙම ස්ථානයේ නොපවත්වන ලෙසට වවුනියාව අධිකරණයෙන් නියෝගයක් තිබියදී මේ පිරිස බලහත්කාරයෙන් පොංගල් උත්සව යක් පැවැත්වීම නිසා පසුගිය මහා ශිව රාත්‍රී දිනයේදී පොලිස් අත් අඩංගුවට පත් විය.
කෝවිලේ පූසාරිවරයා අතුලු සැකකරුවන් 9 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව මේ මස 19 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එම නියෝගය ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් සැකකරුවන් වවුනියාව බන්ධනාගාරය තුළ ආහර වර්ජනයක් ආරම්භ කොට තිබේ.