හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු වගඋත්තරකරුවන් පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සඳහා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
පසුගිය ජනවාරි 12 වනදා ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළත් එම නියෝග ප්‍රකාරව වරදකරුවන් කටයුතු කර නැති බැවින් ඔවුන්ට අදාලව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලූ පෙත්සමක් විභාග කිරීමට අද ඔවුන් අධිකරණය වෙත කැඳවා තිබේ.
මෝසමක් ගොනු කරමින් පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු මෙම පෙත්සම මගින් කියා ඇත්තේ අදාල වන්දි මුදල නිසි පරිදි වින්දිතයන්ට ගෙවීමට වරදකරුවන් අපොහොසත් වී ඇති බවය. .