සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට කට්ටි පනින වැලිකන්ද OIC හරක් හොරාගේ දේපල අධිකරණයෙන් තහනම් කරයි!

by editor
මාර්තු 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හොර හරක් ජාවාරම් කර අධිකරණය මගහැර සිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

පොලිස් පරීක්ෂකවරයෙකුවන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කළ දැනුම්දීමට අනුව අධිකරණය මෙම පියවර ගනු ලැබීය.

ඒ අනුව වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණය භාරයට ගැනීම සඳහාත්,  ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර  එම මුදල් අධිකරණය වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කරීමටත්  වරෙන්තුකරුගේ ෙ විදේශ ගමන් තහනම් කිරීමටත්  පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය.

අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කෙරුණි.

ඕඅයිසී හරක් හොරා සම්බන්ධ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ඉකුත් වසරේ සැප්තැම්බර් මස බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී කිරි ගවයන් 20 දෙනෙකු වැලිකන්ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. එවකට වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියේ පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායකය. ඔහු සැප්තැම්බර් මස 23 වනදා එම ගවයින් සහ ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සහ සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා අදාළ කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස නියෝග කළේය.

පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබුණේය. ලිපියේ සඳහන්ව තිබුණේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපති කටයුතු කර ඇති බවටය.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේය. පොලිස්පතිවරයා එම විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබුණි.

අනතුරුව සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා කටයුතු කළේය. එහෙත් සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැත.

ඒ අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝගයක් නිකුත් කළේය. මේ වනවිට පුජාපිටිය පොලිසියට අනියුක්තව සේවය කරන ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබුණි.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීද සැකකාර පොලිස් පරීක්ෂක අධිකරණයේ පෙනී සිටියේ නැත. සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අන්වර් සදාක් නියෝග කළේය.

ඒ අනුව වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණය භාරයට ගැනීම සඳහා නියෝග කෙරුනි.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කළ අධිකරණය එම මුදල් අධිකරණය වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කළේය.

වරෙන්තුකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරිණි.

අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කෙරුණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටියේ වැලි රත්තරන් ගානට ගණන් ගිහින්… වැලි ලෝඩ් එක කොළඹට එනකොට ලක්ෂය පනී!

Next Post

එප්පාවල විහ‍ාරස්ථානයක නායක හිමි නම විහාරස්ථානය තුළදීම ඝාතනය කරලා… දින ගණනකට පසු නරක් වූ සිරුර හමු වෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.