අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

Central Bank in a professional dilemma

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අද හෝ හෙට ධුරයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

ඔහු අදාල  තනතුරින් ඉවත් කරන්නට සැරසෙන්නේ   රට බිිහිසුණු ආර්ථික අර්බුදයකට ඇද දැමූ පසු එය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේම ඉල්ලීම මත ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ  මහබැංකු අධිපතිකමේ වගකීම භාරගෙන     වෘත්තීය භාවයකින් යුතුව සිය වගකීම් කොටස  ඉටු කරමින් සිටිය දී ය.

නන්දලාල්  වීරසිංහ සහ මුදල් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අතර දීර්ඝ කාලයක් සිට පැවති දේශපාලන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉවත් කිරීම  සිදුවනු ඇති බව වාර්තා වේ.

යහපාලන රජය වකවානුවේ අර්ජුන් මහේන්ද්‍රන් සමග මෙන්ම  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සමගද වෘත්තීමය ගැටුමක නන්දලාල් විරසිංහ සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


නන්දලාල් වීරසිංහ ඉවත් කර ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට යෝජනා වී ඇති නමුත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙනුවෙන් ධුරයෙන් ඉවත් වීම නන්දලාල් වීරසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මේ වනවිට අගමැතිවරයාගේ පාර්ශවයෙන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා කිරීමට මෙන්ම ජනාධිපතිවරයාට බලපෑම් කර නන්දලාල් වීරසිංහ එම ධුරයේ තබා ගැනීමට දෙපිරිසක් කටයුතු කරමින් ඇතැයි දැනගන්නට ඇත. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ වනවිට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේ  සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක  අතීත පුද්ගලික අභිමතයන් සහ දේශපාලන විරසකවීම් මත පිහිටා කටයුතු කිරීම නොකළ යුතු බවට රට තුළ දැඩි මතයක් ගොඩනැගෙමින් තිබේ.

 

Exit mobile version