කොළඹ පිහිටි දුම්රිය අංගන වල දුම්රිය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දැනට විට අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත කිසිම දුම්රියක් ධාවනය කිරීමට නොහැකි තත්ත්වය උද්ගත වී ඇත.
මේ අතර හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවත් ඒ සම්බන්ධව පාලන අධිකාරිය දැනුම්වත් කර ඇති බවත් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.
ඔවුන්ගේ වර්ජනයට හේතු වී ඇත්තේ දැනට අනුමතව ඇති අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කරන ලෙසය.
ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් එම සංගමය ඉල්ලා ඇත.