ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද වෙච්චි දේ තේරෙන භාෂාවෙන්…

by editor
පෙබරවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වසන්ත කුමාර-

ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC  විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 – 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට.  කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල

විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 – 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ ඇති වුන අසමතුලිකතාවයක් නිසා සිස්ටම් එකම පාලනයෙන් ගිලිහෙනව. පානදුර ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර්ස් එකක වදුරෙක් ගැටීමක් සිදුවෙලා තමයි මේ සිදුවීමට මූලික හේතුව. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.  ( පැනල් බෝඩ් විදුලි කාර්මිකයෝ FB පිටුවෙන් උපුටා ගැනුණි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද උනේ කුමක් ද?… විදුලි ඉංජිනේරු සංගමය කරුණු පැහැදිලි කරයි!

Next Post

නොරොච්චෝලේ වැටෙයි… දින 04ක් පුරා තාවකාලික විදුලි කප්පාදුවක්!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.