බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායට ගොඩ බෑ රසායනික පොහොර කාබනික කරන්නට ගිය මහින්දානන්ද හොඳටෝම නා ගනී!

කාබනික වගාවට යන්න පෙර කාබනික - අකාබනික වෙනස හඳුනා ගන්න ... කෘෂිකර්ම විද්වත්හු කියති...

by editor
ඔක්තෝබර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කාබනික  පොටෑසියම් පොහොර නමින් ලොවෙත් නැති අලුත් පොහොරක් හදලා… කාබනික කියා ලෝකය අන්දන්න හදමින් ගෙනත් බෑවෙ රාසායනික පොහොර…

  • රට ඉල්ලුවෙ මැදහත් ගොවිතැනකට අවශ්‍ය රසායනික පොහොර තමයි…  විහිලුවක් නොවී ඇත්ත කියා බෙදන්න… කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් ඇමතිට යෝජනාවක්…

අද කොළඹ වරායට ගොඩ බානු ලැබුවේ කාබනික පොහොර නොව, පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් මෙපමණ කල් රතු කැට පොහොර ලෙස හැඳින්වූ රසායනික පොහොර තොගයක් බව  ලංකාසරට වාර්තා වේ.

මේ අවස්ථාවේදී කාබනික ගොවිතැන කරන්නට ගොස් රටේ සමස්ථ කෘෂිකර්මාන්තයම බිඳ දමන්නේ නැතිව රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කිරීම යහපත් දෙයක් වුවත් කාබනික තෝම්බුව වැරදී ගිය පසු කෘෂිකර්ම ඇමතිවරයා එම ආනයනික රසායනික පොහොර තොගය කාබනික පොහොර ලෙස නම්කර ගොවීන් වෙත මුදා හැරීමට උත්සාහ කිරීම කෘෂිකර්ම ක්ෂේත්‍ර තුළ බලවත් විහිළුවකට ලක් වී තිබේ.

 

අමාත්‍යාංශ නිකුත් කළ ලොවෙත් නැති කාබනික පොටෑසියම් පොහොර නිවේදනය…

කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ මෙම පොහොර කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙස ය.   ලෝකයේ කොතැනකවත් එවැනි පොහොරක් නැති බව  අප කළ විමසීමක දී පැහැදිලි කළ ක්ෂේත්‍රයේ ප්‍රාමණිකයෙක් ඉතා සරලව මෙසේ උත්තර දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“  පොටෑසියම් ක්ලෝරයිඩ්වල තියෙන්නෙ පොටෑසියම් සහ ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය. ඒවා රසායනික විද්‍යාත්මකවම අකාබනිකයි.   කාබනික පොහොර කියන්නෙ ශාඛ හා සත්ත්ව කොටස්වලින් හදන පොහොර. මේ කාබනික අකාබනික තත්ව හයේ පන්තියෙ ඉඳන් දරුවොන්ටත් උගන්වනවා.“  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෙක් ලංකාසරට පැවසීය.

අදම ගොඩබා  අදම ගොවිබිම්වලට පැටවිය හැකි ද?

පොහොර පටවන අයුරු සම්බන්ධව අමාත්‍යාංශය මාධ්‍යයට එවූ ඡායාරූප

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ අද ලිතුවේනියාවේ සිට චෙගෝරස් නැවෙන් පැමිණි පොහොර තොගය අද පාන්දරම අම්පාර මඩකලපුව අනුරාධපුරය, පොලොන්නරුව කුරුණෑගල   පුත්තලම සහ ත්‍රීකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුල ප්‍රදේශවලට යැවූ බවය.

මේ සම්බන්ධව කළ විමසීමක දී රසායනික පොහොර වුවත් අද වරායට පැමිණි පසු ගොඩබෑමක් සිදු කර හෙට ගොවීන්ට ලබා දෙන්නට නොහැකි බවත් කාර්මික තාක්ෂණික ආයතනයට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවා තත්ත්ව පරීක්ෂාවක් කළ යුතු බවත් මෙතෙක් සිදුවු ක්‍රම වේදය එය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග  හෙළි කළේය.

අද පැමිණි පොහොර තොගය පිළිබඳ ලංකාසර කළ විමසීමක දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ එම පොහොර තොගය පොටෑසියම් ක්ලෝරයිඩ් බවය.

ලංකාවට පැමිණි විගස එය ගොවීන් වෙත බෙදා දිය හැකි දැයි විමසන කල ඔහු කියා සිටියේ එවැන්නක් කළ නොහැකි බවය.

මෙයට පෙර ලංකාවට පැමිණ ඇති රසායනික පොහොර තොගයක් හෙට  ගොවීන්ට බෙදා දෙනු විනා අද වරායට පැමිණි පොහොර හෙට ගොවීන්ට බෙදා නොදෙන බවද හෙතෙම කීය.

පොහොර නැතැයි කනස්සලට පත්ව සිටින ගොවීන්ගේ බිය සැක දුරු කරනුවස් පොහොර පැමිණ ඇති බවට තොරතුරු ප්‍රචාරය වන්නේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“මෙවැනි රසායනික පොහොර රටට ගෙන ආ විගස ගොවීන් අතර බෙදා නොදෙන්නේ ඒවායේ අඩංගු බැර ලෝහ ප්‍රමාණයන් පිළිබඳව නිශ්චිතව තක්සේරු කරගත යුතු නිසා. එසේ තක්සේරු නොකර මේවා ගොවිබිම්වලට යෙදීමෙන් අපේ පරිසරයට බලවත් තර්ජන ඇති වීම නොවැළැක්විය හැකියි…“  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පැහැදිලි කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩොලර් 48කට ලෝකය ඉදිරියේ ජාතියේ රෙදි ගලවා දැමූ ගුවන් සේවයක කතාව!

Next Post

බදියුදීන් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.