අද (10) රාත්‍රියේ අරගල භුමියට හමුදා ආක්‍රමණයක් සිදු කිරීම පිළිබඳව පැතිරෙන කතා සම්පූර්ණ අසත්‍යයක් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර ද සිල්වා පවසයි.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වීඩියෝ සහ ඡායාරූපද ව්‍යාජ ඒවා වන බවය.
අද රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාල,ජනාධිපති මන්දිරයේ රැඳී සිටින අරගලකරුවන් ඉවත් කොට එම ගොඩනැගිලි අත්පත් කර ගැනීම පිළිබඳව සූදානමක් පවතින බවට වාර්තා පළ වූ අර ඊට අදාල ඡායාරූප සහ වීඩියෝද සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රතිචාර දැක්වූ මෛම ප්‍රචාරයන් සම්බන්ධයෙනි.
මේ අතර හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද එවැනි හමුදා අත්පත් කර ගැනීමක් සිදු නොවන බවට තහවුරු කර ඇති අතර අවිහිංසාවාදීව සාමකාමීව කලබලයකින් තොරව අරගලය දියත් කරන ලෙස සිය ෆේස්බුක් ගිණුම හරහා ඉල්ලා සිටී.










