අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අද මයික් පොම්පියෝ එනකොට එදා කෑ ගසූ ඊනියා දේශප්‍රේමීන් මයික් පිම්පියන් වෙලා…

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ජවිපෙ උද්ඝෝෂණයේ දී විජිත හේරත් කියයි....

by editor
ඔක්තෝබර් 27, 2020
in දේශපාලන, පුවත්
ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපිය භාර දුන් අවස්ථාව

ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපිය භාර දුන් අවස්ථාව

Share on FacebookShare on Twitter

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ  එම්.සී.සී ගිවිසුම හා සෝෆා   ගිවිසුම් දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට  ලංකාවට එන විට  එදා එම ගිවිසුම් දෙකට එරෙහිව මරාගෙන මැරෙන්නට හැදූ ඊනියා දේශපාලකයින් මයික් පිම්පියන් වී නියඬව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.  

ඒ අද උදේ වරුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා ගේ ලංකා ගමනට එරෙහිව  ජනතා විමුක්ති පෙරමුණ විසින් අමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල  පැවැත්වූ විරෝධාතවයේ දී ය.

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය

මෙම විරෝධතාවයට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක, මධ්‍යම කාරක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ එක් වී සිටියහ.  ම විරෝධතාවයෙන් අනතුරුව    ජවිපෙ විසින්  අමරිකානු  තානාපතිවරයා වෙත  ලිපියක් ද බාර දුන්නේය.

එම විරෝධාතවයේ දී මාධ්‍ය හා ජනතාව අමතා ජ.වි.පෙ ප්‍රධාන ලේකම් විජිත හේරත් මෙසේ ද පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ ඒකාධිපති බලය සහිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්නේ ඔක්තොම්බර් 22. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියො ලංකාවට එනව කියලා දැනුම් දෙන්නෙ හරියටම ඊට  දවසකට පස්සේ.. එනම් ඔක්තොම්බර් 23.

පැහැදිලිව මේ දෙකේ සම්බන්ධයක් තියනවා. මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම් නොවෙයි. මේ ලංකා ගමන ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් බිහි කර ඇමරිකානු උවමනාවට අනුව ආසියාව මෙහයෙවීමේ සැලසුමේ එක් පියවරක්.  ඉන්දියාවට මාලදිවයිනට, ලංකාවට ඇවිත් ආරක්ෂක හා ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න තමයි මේ එන්නේ.

ඔහු  ඉන්දියාවට ගිහින් පැහැදිලිව කීවා ඒ ආරකෂක ගිවිසුම් ගැන. මාල දිවයිනට ඇවිත් ඒ ගිවිසුම් ගැන කිව්වා. ඉන්දුනීසියාවට ඇමරිකානු ගුවන් යානා ගොඩබැස්සවීම ගැන ආරක්ෂක ලේකම්වරයා දැනටමත් කතා කරලා තියනවා.

ලංකාවට එන්නෙ ඇයි කියලා ඇහුවාම ජී.එල්. පීරිස් කියනවා ගෙදර යන ගමන් එනවා කියලා.  ලංකාවට මයික් පොම්පියෝ එන්නේ මේ රට ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් කරගන්න.

ඉන්දියාවේ පැවති සාකච්ඡාවේ දි පොම්පියෝ පැහැදිලිව කිව්වා චීනයේ තරජනයට එරෙහිව ආසියානු කාලපය තුළ නිදහස් කලාපයක් ගොඩනැගිමට අවශ්‍ය බව.

ලංකාවෙ ආණ්ඩුව ඇමරිකානු උවමනාවට යට වෙලා තියනවා. මයික් පොම්පියෝ එන්නේ ඇමරිකාවෙ කොරොනා උවදුරක් තියෙද්දි . ඇමරිකානුවන්  ලක්ෂ 88 ඊට  ගොදුරු වෙලා දෙලක්ෂ විසි අට දහසක් ඉන් මිය ගියා. ඒත් කිසිම නිරෝධායන නීතියකට යටත් නොවී ඇමරිකා හමුදාවේ විශාල පිරිසක් ලංකාවට ආවා. ඔවුන් කිසිවෙක් රටේ ජාතික කොවිඩ් පිළිවෙතට යටත් වුනේ නෑ…

රාජ්‍ය තාන්ත්‍රිකව කෙරෙන  මේ ගමන් වලදි  රටක් තවත් රටකට එරෙහිව එනවා කියලා ඍජුව ප්‍රකාශ වෙන්නෙ නෑ. නමුත් ඇමරිකාව චීනයට එරෙහිව තමයි මේ ගමන එන්නෙ කියලා දැන් ප්‍රකාශ කරලා ඉවරයි.

අරමුණ පැහැදිලියි. එය ප්‍රකාශ කරලා ඉවරයි. ලංකාවෙ ආණ්ඩුව පහුගිය කාලෙ ඇමරිකාව සමග   ඇක්සා ගිවිසුම අත්සන් කළා.   සෝෆා ගිවිසුම අත්සන් කළා.   ඒ ගිවිසුම රටේ ස්වෛරීත්වයට තර්ජනයක් වෙලා.

ජනාධිපතිවරණය කලෙදි එම්.සී.සී, ගිවිසුමට එරෛහිව කෑ ගැහුවා දේශප්‍රේමින්. අද එම්.සී,සී, ගිවිසුම ගැන සාකච්ඡා පැවැත්වෙනවා.  මයික් පොම්පියෝ මෙහෙ එනකොට මයික් පිම්පියෝ කටවල් වහගෙන ඉන්නවා… ඊනියා දේශප්‍රේමීන් ඒ ගැන කතාවක් නෑ… ඒ වගේම ජනාධිපති හෝ අගමැති නිල වශයෙන්   කියලා නෑ එම්.සී,සී,අත්සන් කරන්නෙ නෑ කියලා…

අපි දන්නවා සැබෑ දේශප්‍රේමින්ව. ඔවුන්  මේ රට බලවතුන්ගේ ගොදුරු බිම ක් වෙනවාට අකමැතියි. අපි මේ  ආණ්ඩුවටත් කියනවා ඇමරිකන් ආණඩුවටත් පණිවඩයක් දෙනවා මේක මේ බිම ලෝක දේශපාලනයේ ගැටීමක ගොදුරු බිමක් කරන්න එපා කියලා. ඊට මේ රටේ මිනිස්සු කැමති නෑ…

 

 

 

Share69Tweet43
Previous Post

“පොම්පියෝ එන්නේ MCC ගිවිසුම වෙනත් නමකින් ගේන්න”

Next Post

17 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.