ප්‍රධාන දේශපාලන පක්ෂ සිය මැයිදින රැළි පැවැත්වෙන සියලුම ප්‍රදේශවල දැඩි ආරක්ෂක විධි විධාන මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
අද පැවැත්වෙන මැයි දින රැළිවල පෙළගැස්ම මෙසේය.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන මැයි දින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි පෙළපාලිය සහ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වැත්වීමට කටයුතු යොදා ඇත.
සමගි ජනබලවේගයේ මැයි දින රැළිය මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වේ.
ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන මැයි දින රැලිය පැවැත්වෙන්නේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ දී ය.
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මැයි දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ දි පැවැත්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි රැළිය මහනුවරට ගෙන ගොස් ඇත. .
ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ හැටන් නගරයේ දී සිය කම්කරු දින සැමරුම් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අද දිනයේ ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලිසිය මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.