අද දින මෙරටට පැමිණි ඇස්ට්‍රාසෙනිකා එන්නත් කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් දෙවන මාත්‍රාව නොලැබුණු පුද්ගලයන්ට ලබා දීම ආරම්භ වන බව යුධ හමුදාපති සහ කොව්ඩ් 19 පාලන කාර්ය සාධක බලකා ප්‍රධානී ජනරාල් ෂවේන්ද්‍ර ද සිල්වා පවසයි.
ගෝලීය එන්නත්කරණය සඳහා වන කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජය මඟින් ලබා දෙන ලද එන්නත් 72846ක තොගයක් අද මෙරටට පැමිණි අතර යුනිසෙෆ් ආයතනය ඊට අදාළ පහසුකම් සැපයීම සිදු කළේය.
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නොලැබුණු සෑම පුද්ගලයකුටම ලබා දීමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා පවතින බැවින් ඔවුන් සියලු දෙනාටම යම් පිළිවෙළකට අනුගතව කඩිනමින් එන්නත ලබාදීමට සැලසුම් කර ඇති අතර එතෙක් අනවශ්‍ය ලෙස පොදි කමින් එන්නත ලබා ගැනීමට කරදර නොවන ලෙසත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
දැනට කොළඹ දිස්ත්‍රික්කයේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නොලැබුණු පුද්ගලයන් 537,000ක් පමණ සිටින බව සඳහන් වෙයි.