-
ඔන්ලයින් පාස්පෝට් ඉල්ලුම් කිරීමේ ව්‍යාපෘතිය රටවල් 20ක් තුළ මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය…
-
දුම්රිය සේවාව යථාවත් කරන්න අලුතින් බලවේග කට්ටල 05ක් සඳහා අනුමැතිය…
-
විද්‍යුත් වාණිජ කටයුතු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක්…
හඳුනාගනු ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ගගතක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහාවූ ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශය සෞඛ්‍ය හා ජන මාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව දැනුම් දුන්නේය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රම වේදය කඩිනම් කිරීමට එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් මුල් කරගනිමිනි.
එම යෝජනාව අනුව දූතමණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගතසම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති/ මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර තිබිණි.
එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත.
අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන් කැබිනට් තීරණ පහත දැක්වේ.
01 ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය – 2025-2029
2018 වර්ෂයේදී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ පළමු වන තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් පළමුවන සයිබර් ආරක්ෂණ මූලෝපාය මත පදනම්ව සහ ලෝක බැංකුවේ සහය ඇතිව සයිබර් ආරක්ෂාව පිළිබඳ ” ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මුලෝපාය 2025-2029″ සකස් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩි දියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සුදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන එකී මූලෝපාය කෙටුම්පත් කර ඇත. ඒ අනුව, ” ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025 2029″ ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
02. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය
ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රම වේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, දූතමණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගතසම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති/ මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත. ඒ අනුව, හඳුනාගනු ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ගගතක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
03. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 05 ක් ප්‍රසම්පාදනය කිරීම
තදාසන්න ප්‍රදේශවල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැත. එබැවින්, දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතී. දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටල වලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින්, නිරන්තරයෙන් හදිසි ක්‍රියාවිරහිත වීම් හා බිඳ වැටීම් වලට ලක් වේ. එම තත්ත්වය යටතේ දෛනිකව සිය කටයුතු සඳහා දුම්රිය භාවිත කරනු ලබන මගින් බොහෝ අපහසුතාවන්ට ලක් වන බව පෙනී ගොස් ඇත. වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96 ක් පමණ අවශ්‍ය වන අතර, දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවක් පවතී. ඒ අනුව, තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 05 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
04. ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ගේ හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් එන්නක් බීපී මිලිග්‍රෑම් 500න් වයල් 400,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු කරුවන් දෙදෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ප්‍රතිචාරාත්මක එකම ලංසුකරුවන ශ්‍රී ලංකාවේ M/S. ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාල ප්‍රසම්පාදන පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාන්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
05.පළාත් පාලන ආයතන වලින් සිදු කරන මළ අපජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිකර්ම පද්ධති ස්ථාපනය කිරීම
ප්‍රමාණවත් මළ අපජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන නොමැති වීම දිවයිනේ මළ අප ජල සහ මළ අපද්‍රව්‍ය කළමනා කරණය කිරීමේ සේවා දාමය සපුරාලීම සඳහා බාධාවක් බවට පත්ව ඇත. ඒ හේතුවෙන් ඇතැම් අවස්ථා වලදී එක්රැස් කරන මළ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස විවෘත පරිසරයට බැහැර කිරීම සිදු වේ. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ මළ අප ජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍යවන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 200 ක් යොදා ගනිමින් තෝරාගත් පළාත් පාලන ආයතනවල යාන්ත්‍රික මළ අප ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
06. ද්වීතීයික සත්කාර රෝහල් වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
රට පුරා පවතින ද්වීතීයික සත්කාර රෝහල්වල ගුණාත්මක භාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල සාධක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. යෝජිත ව්‍යාපෘතිය යටතේ ද්වීතීයික සෞඛ්‍ය සේවා රෝහල්වල සේවා ධාරිතාව සහ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය, ඖෂධ සැපයුම් දාමය, සෞඛ්‍ය ප්‍රසම්පාදනය සහ මූල්‍යකරණ පද්ධතියේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත් අරමුණු කර තිබේ. ප්‍රතිඵල පාදක ණය දීමේ ක්‍රමවේදය හරහා ලබා දෙන එකී අරමුදල් යොදා ගනිමින්, මෙම ව්‍යාපෘතිය 2025 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
07. 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග සංශෝධනය කිරීම – (විෂය අංක 31)
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත මඟින් සාප්පු හා කාර්යාල සේවකයින්ට සේවා පහසුකම්, සේවා කාලය, අතිකාල දීමනා සහ නිවාඩු සම්බන්ධ විධි විධාන කියම කර ඇති අතර, එම පනත අනුව කම්කරු විෂය භාර අමාත්‍යවරයාට අදාළ නියෝග නිකුත් කිරීමට බලතල ද ලබා දී ඇත. දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යම් සේවිකාවක් නේවාසික හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියකගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ හෝ කාන්තා වැසිකිලි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයෙහි නියුක්ත කරනු ලැබිය හැකිය. එසේ වුවද, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවීකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10.00 දක්වා පමණක් වන බැවින්, ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව පෙන්වා දී ඇත. ඒ අනුව, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00 ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වන නියෝගය සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
08. දේශ සීමා මායිම් හරහා රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු (Cross-Rroder E-Commerce)
විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ. උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මඟින් සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වැඩි දියුණු කිරීම සඳහා විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වලින් බදු ආදායම රැස් කිරීම සංවිධිත කිරීම රජය විසින් සිදු කළ යුතු වේ. විද්‍යුත් වාණිජ්‍ය වේදිකා ඔස්සේ කෙරෙන ආනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන කාර්ය පටිපාටියේ ඇතැම දුර්වලතා හඳුනා ගෙන මෑතකදී ශ්‍රී ලංකා රේගුව විසින් සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනය කර ඇත. එය ක්‍රියාත්මක කිරීම තුළින් උද්ගත වී ඇති ප්‍රමාද වීම්, ඉහළ ගිය ගනුදෙනු පිරිවැය, මහජන විශ්වාසය පළුදු වීම, මිලගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්වයන් විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවන් භාවිත කරන්නන්ගේ අතෘප්තිමත් භාවයට හේතු වී තිබේ. විශේෂයෙන්ම, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් බලපෑමට ලක්ව ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගු කාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







