බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද නව පාර්ලිමේන්ත සැසි වාරය ඇරඹෙන හැටි…

by editor
පෙබරවාරි 8, 2023
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද (8) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට මේ වනවිට කටයුතු සූදානම්ය.

සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිව්වැනි සැසිවාරය නිල චාම් උත්සවයක් ලෙස සැලසුම් කර ඇත. ඒ අනුව සැසිවාරය ආරම්භයේ දී සිදු කරන ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලිය නොපැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම මැතිණිය ද පැමිණීමට නියමිතය.

එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගනු ඇත.

ඉන් අනතුරුව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රමුඛ වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම අවස්ථාවේදී කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද කරනු ලැබේ.

ජනාධිපතිවරයා දළ වශයෙන් පෙරවරු 9.55 පමණ වනතුරු එහි රැඳී සිටින අතර සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගර්භය තුළට කැඳවාගෙන යනු ඇත.

සභා ගර්භයට ඇතුළු වූ පසු නියෝජ්‍ය වේත්‍රධාරීවරයා “ගරු ජනාධිපති” යනුවෙන් ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රකාශ කළ යුතු අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්ප්‍රදායට අනුකූලව සිටගෙන ආචාර කළ යුතුය.
සභා ගර්භයට ඇතුළු වන ජනාධිපතිවරයා සභාවේ මුලසුන හොබවන අතර මේ අවස්ථාවේදී කථානායකවරයා කාරක සභා අවස්ථාවේදී මෙන් පහළ අසුනේ අසුන් ගනී.

ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාව 2023.02.09 වැනි දින පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබේ.

කල් තැබීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා විදේශීය තානාපතිවරුන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට ආරාධනා කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රධාන විපක්ෂය, නියෝජනය කරන පක්ෂ සහ සන්ධාන මේ අවස්ථාව වර්ජනය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ වෘත්තීය වේදීහු සේවයෙන් බැහැර වෙති… සෞඛ්‍ය, වරාය, බැංකු, රාජ්‍ය පරිපාලන, විදුලය, සරසවි පද්ධතිය අඩාලයි!

Next Post

ජාතික ජන බලවේගයත් නව පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.