කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළේය. කොලොන්නාව ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, වැල්ලවත් ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්, කළුතර ප්‍රදේශයේ 58 හැවිිදි කාන්තාවක්, වස්කඩුව ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගුරුතලාව ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිටකෝටේටේ 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කුඩාගල්ගමුව ප්‍රදේශයේ 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්මලා ප්‍රදේශයේ 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හැටන් ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.
අද වනවිට කොවිඩ් ආසාදිතව මිය ගිය සමස්ථ පුද්ගලයන් ගණන 445කි. අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 518ක් වාර්තා වී තිබිණි. කොවිඩ් දෙවන රැල්ලේ වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන අද වනවිට 75923ක් බව රජය නිවේදනය කළේය.