සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 5ක් අද දින තහවුරු කළේය.
මොරටුව ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, නුවර 63 හැවිරිදි පුද්ගලයෙක්, පෑළියගොඩ 71 හැවිරිදි පුද්ගලයෙක්, කොට්ටමුල්ල 76 හැවිරිදි පුද්ගලයෙක්, නාරාහේන්පිට 77 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි.
ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 634කි.
එමෙන්ම අද දින තුළ හමුවූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 657 තෙක් ඉහළ ගියේය. පසුගිය වකවානුව පුරා දිනපතා 150කට අඩුවෙන් වාර්තා වෙමින් තිබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සිවු ගුණයකට වැඩියෙන් ඉහළ යෑම සැලකිය යුතු වන්නේ දැනට කෙරෙන පී.සී.ආර් . පරීක්ෂණ ප්‍රමාණය සාපේක්ෂව අඩු අගයක් ගැනීම නිසාය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.