පුද්ගල ඝාතනයක් සිදුකර රටින් පිටවීමට සුදානම් වි සිටිනවිට ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් යුවල රටින් පිටකර දෙන්නේ නම් ඒ් අවස්ථාවේ දීම ආගමන නිලධාරීන් වෙත රුපියල් කෝටියක මුදලක් ලබා දීමට පාතාල කල්ලි සමාජිකයෙක් සූදානම් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම මුදල ලබා දීමට තමන් සූදානම් බව දන්වා ඇත්තේ දැනට ප්‍රංසයේ ජීවත්වන ඇල්ටෝ ධර්මේ ලෙස හඳුන්වන පුද්ගලයෙක් බවත් ඔහු ඩුබායිහි වෙසෙන පාතාල කල්ලි නායක අංජු නැමැත්තාගේ ප්‍රධානම ගෝලයෙක් බවත් විමර්ශන අංශ පවසයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ඊයේ කටුනාය දී අත්අඩංගුවට ගත් යුවලට චෝදනා එල්ලවන ඝාතන සිද්ධීයේ මරණකරු අංජුට ප්‍රතිවරුද්ධ පාතාල කණ්ඩායම වන ගෝනකෝවිල රොහාගේ ඥාතියෙක් බව කියැවේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙම 19 හැවිරිදි කාන්තාවට යම් බලපෑමක් කිරීමට යෑම බවත් ඒ් සම්බන්ධව මෙම කාන්තාව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත් දැනගන්නට ඇත. ඇයගේ සැමියා සැලකෙන පුද්ගලයා අංජුගේ හිතවතෙක් බවත් ඔහු අපරාධ කීපයක සැක කරුවෙක් බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම කාන්තාවට අයුතු බලපෑම් කිරීම හේතුවෙන් ඇය පොලීසියේ කළ පැමණිල්ල සම්බන්ධව ඇය සොයා පැමිණි ඝාතනයට ලක් වූ පුද්ගලයා ඇයට තර්ජන කර තිබේ.
මේ සිද්ධි දාමයත් ඝාතනයට ලක් වූ පුද්ගලයා අංජුගේ මත්කුඩු ව්‍යාපාරයට බලපෑම් කරමින් සිටි පුද්ගලයෙකු වීමත් මුල් කරගෙන ඔහුව ඝාතනය කරන්නට අංජුගේ කල්ලිය තීරණය කර ඇතැයි වාර්තා වේ. පුද්ගල ඝාතන අවස්ථාවට මෙම කාන්තාවගේ සැමියාත් ගොස් ඇතැයි විමර්ශන අංශ කියයි.
ඝාතනයෙන් අනතුරුව යුවල ඩුබායි වෙත ගෙන්වා ගැනීමට සූදානම් කර ඇත්තේ අංජුගේ පාතාල කණ්ඩායම විසින් බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් තාවකාලික ගුවන් ගමන් තහනමක් ගෙන මෙම යුවල කටුනායක දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබිණි.