අතුරුදහන් වූ බව කී කොලොන්නේ ව්‍යාපාරිකයා මිරිහාන පොලිසිය මගින් අද රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇත. එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිරිහානේ සිය හිතවතෙකුගේ නිවසේ සැඟවී සිටිය දී ය.
ව්‍යාජ අපාරධයක් මවා පා තමන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව ඇඟවීමට පිටපතකට අනුව වැඩ කර ඇති මෙම පුද්ගලයා එසේ කර ඇත්තේ තමන්ගේ ණය කරුවන්ගෙන් ගැලවීමට බව ඔහු පොලිසියට පවසා තිබේ.
මෙම පුද්ගලයා අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ඔහුගේ බිරියඊයේ (17) කොලොන්න පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
ඒ අතර අදාළ ව්‍යාපාරිකයා ගමන් කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදී
රථයේ රියදුරු අසුනේ මිරිස් කුඩු විසිරී තිබූණි. එහෙත් ඒ මිරිස් කුඩු විසිරී ඇති ආකාරයේ අතාත්වික බව නිරීක්ෂණය කළ පොලිස් විමර්ශකයන් මුල සිටම සැක කළේ මේ පුද්ගලයා අපරාධ ජවනිකාවක් මවා පලා ගොස් සැඟව සිටින්නට ඇති බවය.
.මේ අතර ඔහු ඊයේ රාත්‍රියේ රුපියල් ලක්ෂ 10ක මුදලක් දෙණියායේ පෞද්ගලික බැංකුවකින් ලබාගෙන, ඉන් රුපියල් 240,000ක් තවත් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම්වලට බැර කර, තවත් රුපියල් 29,000ක් උකස් තැබූ රන් භාණ්ඩවල පොලිය ලෙස ගෙවා ඇති බව හෙළි විය.
මේ පුද්ගලයා සැඟවී පලා ගොස් ඇතැයි යන මූලික සැකය මතම පිහිටා පොලිස් විමර්ශන අරඹා ඇති මොහාතක මිරිහාන පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුනේය. ඉන් කියැවී තිබුනේ අතුරුදහන් වූ කියන ව්‍යාපාරිකයා මිරිහාන ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ සැඟවී සිටින බවය.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාල නිවසට පැමිණෙන විට අතුරුදහන් වූ බව කියන පුද්ගලයා එම නිවසේ සිටිය දී හමු වී තිබේ. ඔහුව අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුට නවාතැන් දුන් පුද්ගලයෙක් ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය හමුවේ ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන් ලක්ෂ හැත්තෑවකට ආසන්න මුදලක් විවිධ පුද්ගලයින්ට ණය වී ඇති බවත් එම ණයෙන් ගැලවීම සඳහා මෙසේ අතුරුදහන් වීමක් සැලසුම් කළ බවත්ය.
රටම බිය ගන්වා නොමග යැවූ මෙම පුද්ගලයාත් ඔහු නවාතැන් සැපයූ පුද්ගලයාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විමරශන ක්‍රියාත්මකය .