රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු
තමන් මෙරටට පැමිණි වහාම අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
බුද්ධාගම සහ වෙනත් ආගම්වලට අපහාස වන ප්‍රකාශ මහනුවර සම්මන්ත්‍රණයකදී සිදු කරන ලදැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර මේ පිළිබඳ තොරතුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පෙත්සම්කාර දේවගැතිවරයා කියා සිටියි.
ඊට අමතරව තමන්ට මෙරටින් පිටවීමේ තහනම් නියෝගයක්ද අධිකරණයෙන් ලබා ගෙන ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙහි සඳහන් කර ඇත.
මේ අතර ආගමික නායකයන් පිරිසක් පෙත්සම්කරු අත් අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ලංකාදීප –