හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසකගේ දෙනෙකුගේ ප්‍රකාශිත විරෝධය මැද නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද (18) පෙරවරු 10.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී දිවුරුම් දෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාගේ සමීපතම විශ්වාසවන්තයෙක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු ද සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඔහු නව කැබිනට් මණ්ඩලයේ තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
තව ස්වල්ප වේලාවකින් පැවැත්වෙන දිවුරුම් දීමට පැරණි කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් ද එක්වීම සමාන්‍ය සම්ප්‍රදාය වුවත් මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙක් සහභාගී නොවන බව දැනගන්නට ඇත.