මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද සවස (20) නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාල අසල දී පොලිසිය විසින් මෙම අරගලකරුවන් 21 දෙනා අත්අඩංගුවට ගත්තේය. ඒ අතර කාන්තාවන් 04 දෙනෙක් ද විය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදුකළ බාධා කිරීම් හේතුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවට එක්වීම ප්‍රමාද වූ බව වාර්තා විය.
පිරිස අත්අඩංගුවට ගත් ආකාරය..