අතරමැදි පන්ති සඳහා සිසුන් බඳවා ගැනීමට අමාත්‍යාංශය හරහා ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් දැනුම් දී ඇත.
මින් පෙර අමාත්‍ය මණඩලය මගින් එම තීරණය ගත් බව එම දැනුම් දීමේ සඳහන් වේ.
අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව සලකා බලා යළිත් වරක් මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ පවසන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
බාගත කළ හැකි අයදුම්පතක් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති බව ද නිසි පරිදි පුරවන ලද එම අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් දෙමාපියන් තම දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන පාසලට එවිය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.
සියලුම පාසල් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, කිසියම් ලකුණු ක්‍රමයක් යටතේ ශිෂ්‍ය පුරප්පාඩු අනුව තේරීම් සිදු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවත් තෝරාගත් සිසුන්ගේ ලැයිස්තුව පාසල් විසින් අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවිය යුතු බවත් වැඩිදුරටත් එහි සඳහන් වේ.