අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩියක් පස්සට ගිය සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා පොල්ලක්

by Lanka Sara Editor
නොවැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සහල් මිල සම්බන්ධයෙන් මෝල් හිමියන් වෙත පසුගියදා නිකුත් කළ උපරිම සිල්ලර මිල සම්බන්ධ ගැසට් නියෝග කඩනොවන ලෙස ඔවුන් තම මාෆියාව කරගෙන යාමේ නව ක්‍රමයක් ඊයේ සිට ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

ලංකාසර මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම පෙළේ සහල් මෝල් කිහිපයක් සහ සහල් තොග සහ සිල්ලර මිලට අලෙවි කරන ව්‍යාපාරිකයන් ඇසුරින් කරන ලද විමසීමේදී පෙනී ගියේ ඔවුන් ගැසට් නිවේදනයේ නියමිත මිලට සහල් නිකුත් කරන්නේ අදාළ ව්‍යාපාරිකයන් මිල දී ගන්නා සහල් තොගයෙන් හරි අඩක් කීරි සම්බා සහල් මිලට ගත යුතු බවට වන කොන්දේසියත් සමගිනි.

පසුගිය නොවැම්බර් 04 වැනිදා රජය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සහල් මෝල් හිමියන් සිල්ලර වෙළෙඳුන් සඳහා අලෙවි කළ යුතු සහල් උපරිම මිල ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 94ක්ද, නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 92ක් සහ කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 89ක් ලෙසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සහල් මෝල්වලට සහල් ඇණවුමක් ලබා දීමේදී මීට දින කිහියකට පෙර සහල් මෝල් හිමියෝ නියමිත මිලට අමතරව ප්‍රවාහන ගාස්තුවක් ඉල්ලා සිටියහ.

ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් මෝලෙන් රුපියල් 94කට නිකුත් කරද්දී එයට අදාළ මෝලේ සිට සිල්ලර සහ තොග ව්‍යාපාරිකයා සිටින ප්‍රදේශය අනුව විවිධ මිල ගණන් ඊට එකතු කිරීමට කටයුතු කළහ.

මේ තත්ත්වය මත සිල්ලර සහල් වෙළෙඳන්ට මෙම ප්‍රවාහන ගාස්තුවද එකතු කර තමන්ටද සුළු ලාබයක් රඳවාගෙන සහල් අලවි කරන්නට සිදුවූයේ උපරිම සිල්ලර මිලට වැඩි මිලකිනි.

කෙසේ වුවද රජය පාරිභෝගික අධිකාරිය හරහා මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර මේ වනවිට සහල් මෝල් හිමියන් පවසන්නේ සම්බා හෝ නාඩු ලබා ගැනීමේදී ඇණවුම් කරන සහල් තොගවලින් අඩකට සමාන කීරි සම්බා ලබා ගත යුතු බවය.

කීරි සම්බා සඳහා පාලන මිලක ප්‍රකාශයට පත්කොට නැති අතර ඒ හරහා සහල් මෝල හිමියන්ට අතිරේක මුදලක් රඳවා ගැනීමේ හැකියාව ඉන් සැලසේ.

කෙසේ වුවද මෙහිදී සිල්ලර හෝ තොග ව්‍යාපාරිකයාට අනවශ්‍ය ලෙස වැඩි අලෙවියක් නොමැති කීරි සම්බා අනිවාර්යයෙන් මිලදී ගැනීමට සිදුවීම නිසා තමන්ට සාපේක්ෂව විශාල මුදල් සහල් ව්‍යාපාරය වෙනුවෙන් යට කරන්නට සිදුව ඇත.

නිදසුනක් ලෙස රුපියල් 93 ගණනේ සහල් කිලෝ ග්‍රෑම් 1000ක් මිලට ගන්නා ව්‍යාපාරිකයකුට ඒ සඳහා වැය කළ යුතු රුපියල් 94000ට අමතරව අනිවාර්යයෙන් කීරි සම්බා සඳහා රුපියල් 140 (දළ වශයෙන්) කිලෝ ග්‍රෑම් 500ක් සඳහා රුපියල් 70,000ක් වැය කිරීමට සිදුවේ.

එය සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයාට දරා ගත නොහැකි තරමේ බරක් බව ලංකාසර අද කළ විමසීමකදී අනාවරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයිනේ ස්ථාන කීපයකට තද වැසි… ආපදා තත්වයකට මුහුණ දීමට සූදානමින්…

Next Post

කොරෝනා බොරැල්ලෙන් පොලිසියෙන් කොටුව පොලිසියට පනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.