සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අග්බෝට ආයෙත් වෙඩි තියලා… දැන් වැළලෙන්නට යන්නේ නැතිව ඇත්ත උත්තරය හොයන්න…

සිදුවිය හැකි මේ අනතුර ගැන කිව්වේ මීට සතියකට කලින්.. අහපු එකෙක් නෑ....

by editor
ඔක්තෝබර් 28, 2023
in පුවත්
අග්බෝ ඇතා... ( ක්‍රිෂාන් කාරියවසම් ගේ ඡායාරූපයකි)

අග්බෝ ඇතා... ( ක්‍රිෂාන් කාරියවසම් ගේ ඡායාරූපයකි)

Share on FacebookShare on Twitter

බඳින තුවක්කුවක්  පත්තු වීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිට මහත් පරිශ්‍රමයකින් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව යම් පමණකට සුවය ලබා සිටි ලංකාවේ වන දහන තුළ සිටින අලංකාරම දළ ඇතෙක් වූ අග්බෝ හස්ථියා යළිත් වරක් වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් වනජීවී ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ හස්ථියා  තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී කිසියම් පුද්ගලයෙකු විසින් හස්තියාට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

මෙවන් අනතුරකට හස්ථියා ලක් වනු ඇතැයි යන සැකය මත මාධ්‍ය මීට දින පහකට පෙර තරමක් සුව වූ අග්බෝ තිරප්පනය ප්‍රදේශයේ ගම්මාන වල භෝග වගාවන් විනාශ කිරීමට පටන් ගෙන ඇති ආකාරය හෙළිදරව් කළේය.

Agbo
වෙඩි වැදුන පාදය…

අවට ගම් වැසියන් පෙන්වා දී තිබුනේ ඇතාගේ මේ හැසිරීම ඇතාට මෙන්ම මිනිස්සුන්ට ද ජීවිත තර්ජනයක් ඇති කර තිබෙන බවය.
ඇතාගේ වම් පාදයට තුවාල වී ඇතැයි අනාවරණය වූයේ පසුගිය ජූනි මස දොළොස් වැනිදාය. එදා සිට වනජීවී දෙපාර්තමේන්තුව ඇතා දෛනිකව නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර කළේය. ඇවිද ගැනීමට අපහසු ඇතාට ආහාර පාන ලඟට ගෙනත් දුන්නේය. ඒ හුරුව මත යම් සිමාවක් තුළ ආහාර සොයා යෑමට පුරුදු වූ අග්බෝ රාත්‍රී කාලයේ දී කිලෝ මීටර දහයක පමණ සීමාවේ ඇති ගම්වලට වැදී භව භෝග විනාශ කරන්නට පටන් අරන් තිබුණේය.

මෙම තත්ත්වය මත අග්බෝ ඇතා වහාම අලි සංරක්ෂණ භූමියකට රැගෙන යන්නයි යන ඉල්ලීම ගම්මුන්ගෙන් වන ජීවියට ඉදිරිපත් වී තිබුණේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 Agbo
අග්බෝ ට ප්‍රතිකාර කළ ආකාරය…

මේ කාරණාවේ බරපතල තත්ත්වය වන්නේ මේ තරම් කරුණු රැසක් සමග තත්ත්වය වාර්තා වී තිබිය දීත් මේ ඇතාගේ ජීවිතය අනතුරේ හෙළීමය.

ගොවියෙකුගේ වගාව යනු ඒ ගොවියාගේ සමස්ථ ආර්ථිකය ය. එය එක් රැයකින් විනාශ වීම දරාගත නොහැකි කම්පනයක් ඇති කරන බවත් මේ රටේ වනජීවීන්ට ආදරය කරන අය මෙන්ම රස්සාවට වනවජීවීන් රකින අය කල්පනා කළ යුතුව තිබිණි. තමන්ගේ පඩිය සතියක් ප්‍රමාද වුනොත්, තමන්ගේ ව්‍යාපාර ලාභය සති කීපයක් ප්‍රමාද වුනොත් වැළලෙන්නට යන  එකෙක්වත්  ගිනි අව්වේ  වැස්සේ  දින ගණන් පොළොව හා ගැටෙමින් ගොඩනගා ගන්නා ආර්ථික බලාපොරොත්තුව එක රැයකින් විනාශවන විට, මගට බැස එන විට අලි ගසා මැරෙනු ඇතැයි සිතෙන විට,  ගෙවත්ත තුළම අලි ගසා මිය යන මිනිසුන් දරුවන් වාර්තා වනවිට කොළඹ ඉන්නා  තමන් අලි ඇතුන්ට ආදරය කරන බැවින් ඔවුන්ට හිංසා නොකරන ලෙස ඉල්ලා  උඩ පැන පලක් නැත.

අලි වෙනුවෙන් කොටුව දුම්රිය පල ඉදිරිපිට ඇවිත් උද්ඝෝෂණය කරනවිට ආනමඩුවේ, අඟුනකොලපැලැස්සේ ගල්ගමුවේ මිනිස්සු අලි ගසා මැරෙන බව තේරුම් නොගන්නා “අලි ප්‍රොටෙක්ට්” කිරීමේ “පැෂන් එකේ” අමානුෂීය අසංවේදීකම යළිත් වරක් අග්බෝට මාරක අනතුරක් කර තිබේ.  අලි මිනිස් ගැටුම නිසා දෛනිකව සිදුවන අපරාධයට  වනජීවි දෙපාර්තමේන්තුව පමණක් නොව, මේ රටේම  පුරවැසියන්  වගකිව යුතුව ඇතැයි විශ්වාස කරමු.  වෙඩි වැදුන ඇත්තුන්ට බේත් කර මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට පුලුවන් කමක් වනජීවියට හො ් ආණ්ඩුවට  නැත.

තුවාල ලැබ ප්‍රතිකාර ගනිමින් සිටි වකවානුවේ දී අග්බෝ වෙනුවෙන් දිනකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කිරීමට වනජීවියට සිදුවූ බව වාර්තා වී තිබිණි. මිනිසුන් ගැන කල්පනා කළ නොහැකි නම්, සතුන් ගැන සංවේදී නැතිනම් දවසකට වැය කළ පිරිවැය ගණනය කර හෝ මේ සම්බන්ධව පියවරක් ගැනීමට තිබූ අවස්ථාව මේ රටේ  බලධාරීන් මග හැර තිබීම අප කම්පාවට පත් කරන බව ලියා තැබිය යුතුය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීන ගායක සුනිල් සිරිවර්ධනයන් දිවි සැරියෙන් සමුගනි.

Next Post

බංගලියන්ට ලැබුනු ලන්දේසි නැව් ගුටි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.