එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හා ආර්යා ජිල් බයිඩන්ගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි, ධවල මන්දිරයේ පැවැත්වුණු රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සහභාගී වූයේය. එම අවස්ථාවට තාක්ෂණික ලෝකයේ නමක් තැබූ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන මුකේෂ් අම්බානි හා ගූගල් ප්‍රධාන විධායක අධ්යක්ෂ සුන්දර් පිචායි හා ඇපල් ප්‍රධාන විධායක අධ්යක්ෂ ටිම් කුක් ද සම්බන්ධ වූහ.
එක්සත් ජනපද ජනාධිපති හා ආර්යාව, මොනරුන්ගෙන් හා නෙළුම් මල්වලින් සරසා ඇති ධවල මන්දිරයට අගමැති මෝදිව පිළිගනිමින් නිර්මාංශ රාත්‍රී ආහාර වේලක් පිළිගැන් වූ බව එන්ඩීටීවී වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට පෙර, අගමැති මෝදි ඕවල් කාර්යාලයේදී ජෝ බයිඩන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් පසු එක්සත් ජනපද කොංග්‍රසය ඇමතීය. නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපද කොන්ග්රසය අමතමින් යුක්රේනය, ත්‍රස්තවාදය, එක්සත් ජනපදය සමඟ ආරක්ෂක සබඳතා සහ තවත් බොහෝ දේ ගැන කතා කළේය.
මෙය අග්‍රාමාත්‍ය මෝදි විසින් ඒකාබද්ධ රැස්වීමක් අමතා කළ දෙවන දේශනයයි – මෙය ඉන්දියානුවෙකු සඳහා වූ පළමු සහ ලෝක නායකයින්ට දුර්ලභ ගෞරවයකි.
මීට පෙර, ඇන්ඩෲස් ගුවන් කඳවුරේදී අගමැති මෝදි උත්සවාකාර පිළිගැනීමකින් සහ ගෞරවාචාරයකින් පිළිගනු ලැබීය.