අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…

by editor
ජනවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • එක්කෙනෙක් එජාපයේ බලය අල්ලන්න සැරසෙන කෙනෙක්
  • අනෙක් එක්කෙනා පොඩි පක්ෂයක් අතහැර ප්‍රධාන පක්ෂයක බලය අල්ලන්න සැරසෙන කෙනෙක්
  • අගමැති නිරෝගීයි…   හැමදාම ව්‍යායාම  කරනවා.. යෝග කරනවා…
  • ලේ මාරු කිරීමක් නෑ… තිබෙන්නේ සුළු දණහිස් අමාරුවක්…

අගමැති මහින්ද රාජපක්ෂ  පසුගියදා  මිය ගිය බවට ආරංචි පැතිරූ අයගෙන් එක් පුද්ගලයකු  දේශපාලනයෙන් සමුගන්නවා යයි පවසමින් මැතිවරණය අතහැර දමා එක්සත් ජාතික පක්ෂය බලෙන් ඩැහැ ගැනීමට උත්සාහ දරන නායකයකු  බවත්  අනෙකා පොඩි පක්ෂයක් අතහැර ඉදිරියේදී ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වය ගැනීමට උත්සාහ කරන  පුද්ගලයකු  බවත්  අගමැතිවරයාගේ කිට්ටුම විශ්වාසවන්තයෙක්  මෙන්ම අගමැතිවරයා ගේ  කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයාවන ධනසිරි අමරතුංග පවසයි.

චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවේ අදහස් දක්වමින් ඔහු පවසන්නේ මීට දින දෙක තුනකට ඉහත අගමැතිවරයා මිය ගිය බවට විශාල ප්‍රචාරයක් රට පුරා ගිය අතර ඒ පිළිබඳව එදින උදෑසනම අග්‍රාමාතයවරයාද දැනගත් බවය.

“මේ කියන දවසේ මුලින්ම මට දුරකථන පනිවිඩයක් ආවේ පිටරට සිටින මගේ මිත්‍රයකුගෙන්. ඔහු ඇහුව අගමැතිතුමාට කොහොමද? මොකක් හරි කරදරයක්ද කියල. මම කීව නැහැ ඊයේ රෑත් මම එහෙ ඉඳන් ආවේ කියල. නෑ දැන් මොකක් හරි ප්‍රශ්නයක්… හොඳට හොයල බලන්න කියලා. මේ දුරකථන ඇමතුම කියනකොට තවත් විශාල ඇමතුම් ප්‍රමාණයක් මට මිස් වෙලා තිබුණා. ආපු හැම පනිවිඩෙන්ම ඇහුවේ එකම දෙයයි. මම ඊට පස්සේ අගමැතිතුමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කතා කළා. ඒ වෙලාවේ අගමැතිතුමා හිටියේ ජිම් එකේ. බොක්සිං ගහන සද්දේ මට ඇහෙනවා. මම ඇහුවා අගමැතිතුමා කොහොද කියල. ඒ වෙලාවේ කීව සර් තවම බොක්ස් කරනවා තව විනාඩි 10කින් ගන්න  කියල. “

“ ඒ විනාඩි 10 ගියාම මම කෝල එකක් ගත්තා. අගමැතිතුමාම අහනවා ඇයි ඔයාටත් අර අරංචිය ආවද?… ඕක හොඳයි වස්දොස් යන්නත් එක්ක කියල. මේ ආරංචි ගෙන යන්නේ රාජපක්ෂලාට බිය අය. රාජපක්ෂලා  ඉන්නකල් බලයට එන් බැරි අය.“
මේ අය කවුදැයි හෙලි කරන්නැයි චමුදිත කළ ඉල්ලීමට පිළිතුරු දුන් ධනසිරි අමරතුංග  මැතිවරණවලට තරග කිරීමට ගොස් එය අතහැර දේශපාලනයෙන් සමු ගන්නා බව පැවසූ පුද්ගලයකු දැන් කොළඹ කාර්යාලක් ආරම්භ කර සමාජ මාධ්‍ය හරහා රජය ට පහර දීමේ කටයුත්තක නියැළෙන බව සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් අග්‍රාමාත්‍යවරයා පිළිබඳ වැරදි ප්‍රචාර යැවීම පසුපස සිටින බව කී ඔහු ඔවුන්ට විරුද්ධව නිතිමය පියවර ගැනීමට නොයන්නේ මේ තත්වය අගමැතිවරයා සුබවාදීව ගත් නිසා බවද අමරතුංග පවසයි.

එසේම පොඩි පක්ෂයක සිට එයින් ඉවත් වි ප්‍රධාන පක්ෂයක නායකයා වී ජනාධිපති අපෙක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් හිඳින තවත් පුද්ගලයකු ද මේ ප්‍රචාර පසුපස සිටින බව ඔහු හෙළි කළේය.

අගමැතිවරයාට ගේ රුධිරය මාරු කරන බවට සහ රුධිර කාන්දුකරණයට (ඩයලසීස් කරන බවට) කරන ප්‍රචාර තනිකරම අසත්‍ය බවත් අගමැතිවරයාට ඇත්තේ සුළු දණහිසසේ ආබාධයක් පමණක් බවත් පැසූ  ධනසිරි අමරතුංග  “ අගමැතිතුමා ඉතාම සුවෙන් සිටිනවා. එතුමා දිනපතා පැයක් හමාරක් ව්‍යායාම කරනවා. සතියට  දෙවරක්  නන්ද සිරිවර්ධන  එක්ක යෝග අභ්‍යාස කරනවා. කෑමෙන් බීමෙන් පරෙස්සම් වෙනවා.“ යයිද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිෂීල්ඩ් එන්නත් කරගන්න සෞඛ්‍යය කාර්මණ්ලවල පිරිසක් අකමැති වෙති…

Next Post

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.