අගමැති ධූරයට පොහොට්ටුව ඇවිලෙයි… ගෝඨා අගමැති කමට ගේන්න ජොනීලා සටනක…

අගමැති ධූරය බෙදා ගැනීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වනවිට දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබේ.

නව අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කර ගත යුතු බවටත් වත්මන් අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන එම ධූරයේ තව දුරටත් තබා ගත යුතු බවටත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වී තිබෙන සීතල යුද්ධය මේ අර්බුදයට හේතු වී තිබේ.

බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ කීප දෙනෙක් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන එම ධූරයේ සිටිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ තවත් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ අගමැති විය යුතු බවට යෝජනා කර ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති ධූරය සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී තිබුණ ද හිටපු ජනාධිපති  ගෝඨාභය රාජජපක්ෂ තවමත් අගමැති ධූරය භාරගන්නවා ද නැද්ද යන්න පිළිතුරක් ලබා දී නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය මත පොදුජන පෙරමුණේ මධ්‍යස්ථ මන්ත්‍රීවරු පිරිසක් ලඟදීම ගෝඨාභය රාජපක්ෂ මුණගැසී මේ පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමත් අගමැති ධූරය භාර ගැනීම හෝ නැවත දේශපාලනයට පැමිණීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් රට හමුවේ තබන ලෙසත් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Exit mobile version