දිනසේන රතුගමගේ
කොරෝනා වසංගතය තුරන් වන ලෙස ප්‍රාර්ථනය කරමින් හින්දු කෝවිල් වල විශේෂ පූජා පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමට අනුව උතුරේ කෝවිල් වල එම පූජාවන් පැවැත්වුණද පූජකවරු හා ඊට සහභාගී වන බැතිමත්හු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් කිසිවක් අනුගමනය නොකරතියි පෙනී ගොස් තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීප දෙනෙකුම කියා සිටියේ පූජකවරු හා බැතිමතුන් අවම තරමින් මුඛ ආවරණයක් පැළදීමට හෝ උනන්දු නොවන බවයි.
එවැනි කෝවිල් වලට ගොස් සියළු දෙනාටම උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇතත් විවිධ හේතු ඉදිරිපත් කරමින් පූජකවරු සෞඛ්‍ය නීති රීති අනුගමනය නොකරණ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කොට සිටියහ.
බොහෝ පූජකවරු මේ නියෝගය රජයේ ඉහල තැනකින් ලැබුණු නියෝගයක් බව පවසමින් සෞඛ්‍ය නීති රීති අනුගමනය නොකිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි සේ අසරණ වී සිටිති.