අගමැති කාර්යාලයට අත්කරගන්නට ගිය විරෝධතා කරුවන් බැටන් කඳුළු ගෑස් ප්‍රහාර දී පළවා හරී…

අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගැනීමට පැමිණි විරොධතාකරුවන්ට පොලිසිය විසින් පහර දී පළවා හැර ඇත. බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ අතර ඒ අවස්ථාවේ දී අගමැති කාර්යාලය අවට දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල ක්‍රියාකාරිත්වය බොහෝ සේ අඩාල වී තිබුණු බව එම ස්ථානයෙන් එන ආරංචි මාර්ග පවසයි.

විරෝධතාකරුවන් සියලු දෙනාම ගෝල්ෆේස් අරගල භූමිය වෙත ගමන් කරමින් ඇත.

දහස් ගණනක් විරෝධතාකරුවෝ අද උදේ මල් පාරට ඇතුළු වී අගමැති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියහ. එහෙත් එම මාර්ගය වසා  පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉන් අනතුරුව විරෝධතාකරුවෝ එම මාර්ග බාධක බිඳගෙන අගමැති කාර්යාලය පසුකර ඉදිරියට ගියහ. ඊට ස්වල්ප වෙලාවකට පසු පැමිණි තවත් විරෝධතාකරුවෝ විශාල පිරිසක් ගේට්ටු බිඳ දමා අගමැති කාර්යාලයට ඇතුළු වී එය අත්පත් කරගැනීමට උත්සාහ කළහ.


එහෙත් ඒ සමගම වාගේ අගමැතිවරයා විසින් රට පුරා හදිසි නීතිය ප්‍රකාශ කර බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවනු ලැබුවේය. තවත් සුළු වෙලාවකින් පැමිණි  පොලිස් බලමුළු විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාරයක් එල්ල කලහ. අනතුරුව දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විනි.

“හෙලිකොප්ටරයක් ​​හිසට ඉහළින් ඇති අතර එය සෙනඟ අතරින් ගමන් කරන සෑම අවස්ථාවකම මිනිසුන් විහිළු කරමින් කෑගසයි, කෝපයෙන් කෑගසමින් මැද ඇඟිලි පෙන්වයි“ බීබීසී සේවය එසේ වාර්තා කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෑම විරෝධතාකරුවෙක්ම අගමැති කාර්යාලය හැර ගියහ.  මේ වනවිට අගමැති කාර්යාලය අසල ආරක්ෂාව දැඩි කර තිබේ.

Exit mobile version