අගමැති තව දුරටත් ධුරයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.
ආණ්ඩුවේ බහුතරය පෙන්වීම සඳහා පොහොට්ටුවෙන් අත්සන් කළ ලේඛණයට එකතු වී ඇත්තේ අත්සන් 101කට වඩා අඩු ප්‍රමාණයක් පමණක් බැවින් එම ලේඛණය සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සංවාදයට ලක් වීමක් හෝ අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමක් සම්බන්ධව කිසිවක් කැබිනට් මණ්ඩලය තුළ කතා වී නැත.
අග්‍රාමාත්‍යවරයාට බහුතරය නොමැති බව තහවුරු වන්නේ නම් අද කැබිනට් හමුවේ දී ඔහු ඉල්ලා අස්වනු ඇති බවට අද දේශපාලන ආරංචි මාර්ග විශ්වාසයෙන් පැවසූ කතාව මේ වනවිට අගමැතිවරයා විසින් බොරුවක් කර තිබේ.
අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මිශ්‍රණයක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට රැගෙන ඒම සම්බන්ධවය.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම අද සම කැබිනට් ප්‍රකාශකවරු දෙදෙනෙක් ද නම් කර තිබේ.