අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ වුන දෙවැනි වෙඩික්කරු ඊයේ (24) දිනයේ දී අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ ඌව පළාතේදී බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
පසුගිය 19 දා තලංගම පොලිස් වසමේ අකුරේගොඩ කීල්ස් රථ ගාලේ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කළ අපරාධයේ එක් වෙඩික්කරුවෙක් පොලිස් විමර්ශන අංශ විසින් පසුගිය 21 වැනිදා අම්බලන්ගොඩ පොලිස් වසමේ දී අත් අඩංගුවට ගෙන මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් ඇත.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








