අකුරණ පල්ලිවලට බෝම්බ ගසන බවට බොරු ප්‍රචාර ඇරියේ මවුලවි කෙනෙක්… මවුලවි පොලිස් අත්අඩංගුවට…

අකුරණ නගරයේ පල්ලි කීපයකට  බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

21 හැවිරිදි වියේ පසුවන එම මවුලවීවරයා  හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අද (22) අත්අඩංගුවට ගනු ලැබුවේය. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ඉසදීන් මොහොමඩ් සජිත් නැමැති මවුලවි කෙනෙකි.

දින තුනක් යන්නට පෙර පුද්ගලයා හඳුනාගෙන ඔහුගෙන් කළ විමසීමක දී තමන් ලබා දුන්නේ ව්‍යාජ තොරතුරක් බව ඔහු පිළිගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මෙම පුද්ගලයා විසින් පසුගිය 18 සහ 19 දෙදින තුළ ලබා දුන් මෙම තොරතුර හේතුවෙන් ප්‍රදේශයේ   ආරක්ෂාව දැඩි කිරීමට විශාල රාජ්‍ය වැය බරක් දරමින් පොලිසිය සහ විශේෂ හමුදා කණ්ඩායම් යොදවා තිබිණි.


මෙම පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version