ශ්‍රියානි විජේසිංහ –
අක්ෂිකාච වංවාව සම්බන්ධයෙන් වෘත්තීය සහ සිවිල් සංවිධාන විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරමභ කර ඇත.
මේ සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් කොමිසම සෞඛ්‍ය ලේකම්වරයාගෙන් නිරීක්ෂණ කැඳවා තිබූ අතර අදාල පැමිණිලිකාර පාර්ශ්වයන් වෙතින් සාක්ෂි ලබා ගැනිම හෙට (31) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ප්‍රශ්න සහගත ගනුදෙණුව සම්බන්ධව හෙළි කළ පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ තත්ත්වයන් පිළිගෙන අදාල සමාගම් සමග එකඟතාවයන්ට පැමිණෙමින් දූෂණ වංචාවන්වල නිරත වූ නිලධාරීන් බේරීම සඳහා කටයුතු කිරීමට පටන් ගෙන ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව පෙන්වාදේ.
වංචනික ගණු දෙණුව නිවැරදි කළ පමණින් ආයතන සංග්‍රය සහ මූල්‍ය රෙගුලාසි අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සේවා කොමිෂන් සභාවේ නීතිමය ගැලවිමක් නොලැබෙන නමුත් සෞඛ්‍ය බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොවීම ජනතාවගේ අවාසනාව බව ඊයේ (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු දක්වමින් වෛද්‍ය චමල් සං ජිව පවසා ඇත.






