ශ්‍රියානි විජේසිංහ –
අක්කරපත්තු රෝහලේ මුඛ හනුක හා වක්ත්‍ර විශේෂඥ දන්ත වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 91ක මුදලක් නොගෙවා රටින් පැනගොස් ඇතැයි වාර්තාවේ.
එම වෛද්‍යවරයාට විදේශ විශේෂඥ පුහුණුව ලබාදීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මෙම මුදල වැය කර ඇත .
වසරක විදේශ පුහුණුව නිම කර ඔහු ලංකාවට පැමිණ ඇත්තේ තවත් වසර දෙකක කාලයක් පුහුණුව ලැබූ විදේශ රටතුළ සිටිමින් වන අතර එම කාලයේ දී එරට තුළ රැකියාවේ යෙදී කිසියම් ආදායමක් උපයා ගෙන ඇති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
විදේශ පුහුණුව නිමකළ වෛද්‍යවරයා වසර 10ක කාලයක් මෙරට තුළ අනිවාර්යයෙන්ම සේවය කළ යුතු අතර එසේ නොකන්නේ නම් ඔහු ඔහුගේ විදේශ පුහුණුව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වැය කළ මුදල නැවත ගෙවිය යුතු වන බව අප කළ විමසුකමකදී අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.
කෙසේ නමුත් මෙම වෛද්‍යවරයා තමන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 91න් කිසිදු මුදලක් නොගෙවා නැවත හොර රහසේම විදේශ ගතව ඇතැයි වාර්තාවේ.
මෙහි බරපතලම තත්ත්වය වන්නේ රටේ සමස්ත ජනගහණයටම මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ වෛද්‍යවරුන් සිටිනුයේ 25 දෙනෙක් වන බැවින් යැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.