ඝාතන ගණනාවක් සිදුකොට ඉන්දියාවට පැනගොස් එහි ජීවත් වූ පාතාල නායකයෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන අංගොඩ ලොක්කා මියගිය බවට වන තොරතුරු සනාථ කර ගැනීම සඳහා බුද්ධි අංශ කණ්ඩායමක් අංගොඩ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබේ.
එහිදී බුද්ධි අංශ නිලධාරීන් ඔහුගේ සොයුරියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇයට හෘදයාබාධයක් වැළඳී ඇති බව වාර්තා වේ.
නිවැසියන් එතෙක් ඒ පිළිබඳ දැන නොසිටි බවක් පළවන අතර අංගොඩ ලොක්කාගේ සොයුරිය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.